EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Oru Durooha Saahacharyathil (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ratheesh Balakrishnan Poduval
Year:2026
Subtitle By: දමිදු චතුෂාන් ලියනගේ (දම්මා) (Baiscope.lk)
Cast
Go Full Cast Pageමාඕවාදියා
සුපිරි මලයාලම් නළුවෙක් තමයි Kunchacko Boban…. ඉතින් එයාගේ ෆිල්ම් මම කොහොමත් මඟාරින්නේ නෑ… Kunchacko Boban ගේ අලුත්ම ෆිල්ම් එක තමයි 2026 අප්‍රේල් වල රිලීස් වුණු Oru Durooha Saahacharyathi. ත්‍රාසය, කුතුහලය වගේම හාස්‍යයත් මාරම විදිහට කැටිකරගත් mystery-comedy-thriller ගණයට අයත් වන මෙම චිත්‍රපටිය Ratheesh Balakrishnan Poduval ගේ අධ්‍යක්ෂණයකි. Dileesh Pothan, Sajin Gopu වගේ අපිට හුරුපුරුදු සුපිරි නළු කැලකුත් මෙහි රංගනයෙන් දායක වෙනවා…
කතාව මෙහෙමයි… සේතු (Kunchacko Boban) කියන්නේ ගමේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක වැඩ කරන හරිම බයගුළු, අහිංසක චරිතයක්. එයා ජීවත් වෙන්නේ ඇඳටම සීමා වෙලා ඉන්න එයාගේ අයියා, මධු (Dileesh Pothan) එක්ක. මධුට මැරුණ මාමා කෙනෙක් පේන මානසික ලෙඩකුත් තියෙනවා. මේ දෙන්නා වයනාඩ් කැලේ මායිමේ තියෙන ගෙදර පාඩුවේ ජීවත් වෙනකොට හදිසියේම දවසක් ආයුධ සන්නද්ධ නාඳුනන පුද්ගලයෙක් මෙයාලගේ ගෙදරට කඩා පනිනවා හැංගෙන්න. පොලිසියෙන් මුළු පැත්තම වට කරද්දී, සේතු වගේ බයගුළු කෙනෙක්ට මේක කොහොම බලපායිද? මේ නාඳුනන කෙනා කවුද? අවසානයේ සේතුටයි අයියාටයි අත්වන ඉරණම කුමක් වෙයිද..? මේ අභිරහස විසඳෙවිද..?
ඉතින් ඒ ගැන දැන ගන්නනම් මේක බලන්නම වෙනවා.


