EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Keanu Reeves ගේ අමුතුම විදියේ Dark Comedy එක! 🎬🍿

ඔන්න ඉතින් Cinesubz යාළුවනේ, අද අපි අරගෙන ආවේ ටිකක් වෙනස් විදියේ අලුත්ම ෆිල්ම් එකක් ගැන තොරතුරු. ඒ තමයි අද (2026 අප්‍රේල් 10) Apple TV+ හරහා රිලීස් වුණු “Outcome” කියන Dark Comedy චිත්‍රපටය.
මේකේ ප්‍රධාන චරිත කරන්නේ අපේ හැමෝම ආදරේ කරන Keanu Reeves සමඟ Jonah Hill සහ Cameron Diaz. විශේෂම දේ තමයි මේක ඩිරෙක්ට් කරල තියෙන්නෙත් Jonah Hill විසින්මයි.
කතාව ගෙතෙන්නේ Reef Hawk (Keanu Reeves) කියන හොලිවුඩ් තරුව වටා. රීෆ් කියන්නේ අතීතයේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න සහ විවිධ ස්කෑන්ඩල් නිසා ජීවිතය අවුල් කරගත්තු කෙනෙක්. හැබැයි දැන් ඔහු ඒ හැමදේම අතහැරලා සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනවා.
ඔන්න ඔය අතරේ තමයි වැඩේ සිද්ධ වෙන්නේ! කවුදෝ අභිරහස් පුද්ගලයෙක් රීෆ්ගේ අතීතයේ රහස් වීඩියෝවක් තියාගෙන ඔහුව බ්ලැක්මේල් කරනවා. මේ කරදරයෙන් බේරෙන්න රීෆ් තීරණය කරනවා ඔහු අතින් අතීතයේදී වැරදි වුණු, ඔහු රිදවපු මිනිස්සුන්ගෙන් සමාව ගන්න යන්න. මේ ගමනේදී ඔහු මුහුණ දෙන අමුතු අත්දැකීම් සහ හාස්‍යජනක සිදුවීම් ටික තමයි චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන් වෙන්නේ.
අවසාන වශයෙන්… 📢 ඔයාලා Drama, Twist සහ හොලිවුඩ් ගොසිප්වලට ආස කරන කෙනෙක් නම්, “Outcome” අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්.
🔔 මෙවැනි අලුත්ම චිත්‍රපට සහ ටීවී සීරීස් ගැන දැනගන්න, සිංහල උපසිරැසි එක්ක රසවිඳින්න අපේ Cinesubz Facebook Page එකට දැන්ම ජොයින් වෙන්න!
පහළ තියෙන Button එක ක්ලික් කරලා අපේ පේජ් එකට ගිහින් Follow කරලා, ශෙයාර් පාරක් දාලා සෙට් වෙන්න! 👇

Comments