EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

භුමිය වෙනුවෙන් සටන් වැදුණු පල්ලියේ මැරයා

මේ කතාන්දරය පටන් ගන්නේ 1950 අවුරුද්දේ භයානක, දරුණු කෙනෙක් වෙන පට්ටේලාර් ගේ හදුන්වාදීමෙන්. පට්ටේලාර්ගේ මැරයින් එක පවුලක් දරුණු ලෙස මරා දමා තියෙද්දී පණ පිටින් ඉන්න දරුවෙක්ව එක්තරා හින්දු පවුල් කිහිපයක් සහ ක්‍රිස්තියන් පූජකවරයෙක් විසින් හොයාගන්නවා. ඉතින් ඒ දරුවාගේ නම ක්‍රිෂ්ණා පිල්ලේ කියන නම තියනවා.
1958 අවුරුද්දේ විමුක්ති අරගලය තියෙන සමයේ කානියාර් ගමේ පල්ලියෙන් ‘ක්‍රිස්ටෝපර්’ වැන්නෙක්ව සොයා යද්දී අපේ කතා නායකයා වුනු ක්‍රිෂ්ණා පිල්ලේව මුණ ගැහිලා ඔහුව කානියාර් වලට එක්කන් ඇවිල්ලා හොද ගුටිකෙලි සංදර්ශනයකින් පස්සේ පල්ලියෙන් එයාව පොතන් ක්‍රිස්ටෝපර් කියලා නම් තබනවා.
ඔය අස්සේ ගමට වෙන අලුතින් තර්ජනයක් වුනු නාට්‍යයක නිලියක් වුනු රෙබෙකා කියන නිළියව පැහැරගැනීමේ තැතකින් බේරාගැනීමේ උත්සාහය ආදරණිය බැදීමකින් අවසන් වෙනකොට අවාසනාවට තමන් ගමන් කල බස් රථයේදීම ඇයව එක්තරා පොලිස් නිලධාරියෙක් එකපාරින්ම වෙඩි තියලා දානවා. ඒකත් ඒ නිලධාරියා කරන්නේ එක්තරා අරමුණකට.
ඒ අරමුණ මොන වගේද? ඒ අරමුණ නිසා කානියාර් ගමට මොකක්ද වෙන්නේ? කානියාර් ගම කවුද බේරගන්නේ? කවුද ඒ පොලිස් නිලධාරියා? කවුද මේ පට්ටේලාර්?
මේ ප්‍රශ්න වලට උත්තර මේ චිත්‍රපටය බැලුවොත් ලබාගන්න පුළුවන්.
2022 අවුරුද්දේ මලයාලි රසිකයින්ගේ (ලංකාව ඇතුළුව) කාගේත් කතාබහට ලක්වෙච්ච ‘ජන ගන මනා (Jana Gana Mana)’ චිත්‍රපටය ඔයාලට මතක ඇති කියලා මං හිතනවා. (ඒකත් සයිට් එකේ ඇති) ඉතින් මේ චිත්‍රපටය පිටිපස යෝධ සෙවනැල්ලක් වුනු කෙනෙක් තමයි ඩිජෝ ජෝස් ඇන්තනි කියන්නේ. ලොකු චිත්‍රපටි ප්‍රමාණයක් නොකලත් මතකයේ රැදෙන චිත්‍රපටයක් විදිහට ජන ගන මනා හදුන්වන්න පුළුවන්. එයාගෙම 2024 අවුරුද්දේ නිකුත් කරපු Malayali From India (මලයාලි ෆ්‍රොම් ඉන්දියා) චිත්‍රපටයේ උපසිරැසි අපේ බන්දුල අයියා දීල තියෙනවා. සයිට් එකේ ඇති ඒකත්. බලලා රස විදින්න. ඉතින් මේ එයාගේ 2026 අවුරුද්දේ පළමු ආගමනය.
එහෙනම් යමුකෝ විස්තරේ පැත්තට.
Pallichattambi (මලයාලමෙන්: പള്ളിച്ചട്ടമ്പി) කියන්නේ මේ අවුරුද්දේ අප්‍රේල් 15 වෙනිදා (කේරල දින දර්ශනයට අනුව නම් විශු දිනයේ) නිකුත් කරපු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ ඩිජෝ ජෝස් ඇන්තනි. මේකේ රචනය එස් සුරේෂ් බාබුගෙන්. නිෂ්පාදනය නවුෆල්, බ්‍රිජිෂ්, චානුක්‍ය චයිතන්යා, චරන්ගෙන්. සංගීතය ජේකස් බිජෝයිගෙන්. ඔයා Identity, Kalki (2019), Narivetta බලපු කෙනෙක් නම් එයාගේ සංගීතය ගැන අමුතුවෙන් අහන්න දෙයක් නෑ කියලා හිතනවා. මේක අයිති වෙන්නේ Period / Action ගණයට.
රංගනයෙන් ටොවිනෝ තෝමස් ට අමතරව, කයාදු ලෝහර්, ෂත්රු, විජේරාගවන්, සිද්ධිකි, ඇලෙක්සැන්ඩර් ප්‍රශාන්ත්, දමිල නළු ආඩුකුලම් නරේන්, දේවිකා අනූප්, ළමා නිලි වෙධිකා ශ්‍රීකුමාර් වගේම විශේෂ ආරාධිත රංගනයෙන් ප්‍රීත්විරාජ් සුකුමාරන් ද අධ්‍යක්ෂක ද එකතු වෙනවා.
පල්ලිචට්ටම්බි චිත්‍රපටයේ නළු නිලියන්
මේ චිත්‍රපටය ගොඩක් විශේෂ වෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ චිත්‍රපටයේ එක ගීතයක්. මේ ගීතය ගොඩක්ම ජනප්‍රිය වූවා වගේම කේරලය ආශ්‍රිතව Instagram සමාජ මාධ්‍යයේ රිල් ලක්ෂයට වඩා ප්‍රමාණයක් මුදා හැරුණු Youtube වලත් මිලියන 25කට වඩා ප්‍රේක්ෂක පිරිසක් බලපු ඒ ගීතය ‘KAATTUCHEMBAKAM’ නමින් හැදින්වෙනවා. ඒ ගීතයේ තියෙන අලංකාරත්වයත් ජේකස්ගේ හිතට වදින සංගීතයත් ටොවිනෝගේ සහ කයාදු ගේ රංගනයත් මේ ගීතය ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතරේ ජනප්‍රිය වෙන්න හේතුවක් වෙනවා.
KAATTUCHEMBAKAM ගීතයේ ජනප්‍රියත්වය
චිත්‍රපටයේ ආදායම් ගැන බැලුවොත් නිකුත් වෙලා මුල්ම දවසේ කෝටි 10.34ක් ලබාගෙන තියෙනවා. ගොඩක් මලයාලි ප්‍රේක්ෂකයින් කියන අන්දමට කාටත් බලන්න පුළුවන් කියලයි කියන්නේ. විශේෂයෙන් මේ KAATTUCHEMBAKAM ගීතයත් ඔවුන්ගේ පැසසුමට ලක් වෙලා තිබ්බා.
ආදායම් සහ ප්‍රතිචාර
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.6/10 කුත් ගුගල් පරිශීලක අගය 85%කුත් ලබාදීලා තියෙනවා.
මේ චිත්‍රපටයේම දෙවැන්නක් ඉදිරියට එනවා කියලා චිත්‍රපටයේ අවසානයේ තියේ.
* පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.
නිවේදනයක්! * මේ චිත්‍රපටය කැමරා කොපියකට කරන ලද උපසිරැසි ගැන්වීමක්. මේ කැමරා කොපියේ සමහරක් තැන්වල කාල රාමු සංස්කරණය කර ඇති නිසා සම්පූර්ණ චිත්‍රපටයම ඔයාලට බලන්න වෙන්නේ නෑ. ඒ නිසා උපසිරැසියේ දෙබස් අඩු ඇති. එහෙත් ඔරිජිනල් පිටපත් ආ සැනින් මේ දෙබසුත් ඒ දෙබසුත් එකට එකතු කර අලුත් උපසිරැසියක් ලබා දෙන්නම්.
* මේකේ සමහර තැන්වල ක්‍රිස්තියානි ආගමික පාඨ දෙබස් කිසිදු වෙනසක් නොකරම ඒ ලෙසින්ම දාලා ඇති.

Comments