EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Panda Plan 2: The Magical Tribe (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Derek Hui Wang-Yu
Cast
Go Full Cast Pageහූහූගෙ සුරංගනා ලෝකය
පසුගිය වසරේ (2025) තිරගත වූ ‘Panda Plan’ චිත්‍රපටයේ සාර්ථකත්වයත් සමඟ, එහි දෙවන කොටස ලෙස “Panda Plan 2: The Magical Tribe” මේ වසරේ (2026) සිනමා ලෝලීන් අතරට පැමිණ තිබෙනවා. පළමු චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස්, වඩාත් විචිත්‍රවත් සහ මනඃකල්පිත ලෝකයකට ප්‍රේක්ෂකයන් රැගෙන යාමට මෙම චිත්‍රපටය සමත් වී තිබීම විශේෂත්වයක්.
ජැකී චෑන් චිත්‍රපටයේ ප්‍රධානම හුදකලා වීරයා ලෙස ඔහු තම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කර තිබෙනවා. වයසත් සමඟ ඔහුගේ රංගනය තුළ වඩාත් පරිණත බවක් දකින්නට ලැබීම විශේෂත්වයක්.
මෙම කතාව ගෙතී තිබෙන්නේ ලොව වටා සැඟවී සිටින, විශේෂ මායාවන්ගෙන් පිරිපුන් පැන්ඩා ගෝත්‍රයක් වටායි. පළමු කොටසේදී අපි දැක්කේ පැන්ඩාවන් සහ මිනිසුන් අතර ඇති සම්බන්ධය. මෙවර කතාව තුළින් අපට හමුවන්නේ මායාවන්ගෙන් පිරුණු රහසිගත වනාන්තරයක වෙසෙන පැන්ඩා ගෝත්‍රයක්. ලෝකය විනාශ වීමේ තර්ජනයට ලක් වූ විට, නැවතත් එයාලව බේරා ගැනීමට මැදිහත් වන ප්‍රධාන චරිත වටා කතාව ගලාගෙන යනවා.
චිත්‍රපටයේ දක්නට ලැබෙන දෘශ්‍ය ප්‍රයෝග ඉතාමත් උසස් මට්ටමක පවතින අතර, විශේෂයෙන්ම පැන්ඩාවන්ගේ ක්‍රියාවන් සහ එයාලගෙ මායා ලෝකය සැබෑවක් ලෙස දැනීමට සලස්වා තිබෙනවා. මෙය ළමයින්ට පමණක් නොව, වැඩිහිටියන්ටත් එකසේ රස විඳිය හැකි, ආදරය, කරුණාව සහ මිත්‍රත්වය මුසු වූ හදවතට දැනෙන කතා පුවතක්. ඔලුව නිදහස් කරන් බලන්න පුලුවන් ලස්සන කතාවක් කියන්නත් පුලුවන්










