Cast
Go Full Cast Pageආයුබෝවන් යාළුවනේ! 👋
ආදරේ, පවුලේ බැඳීම, සහ සමාජයට ලොකු පණිවිඩයක් එකට එකතු වෙච්ච ලස්සනම Love Story එකක් බලන්න ආසද? අද http://Cinesubz.lk අපි ඔයාලට අරන් ආවේ හැමෝම කතා වෙන අලුත්ම Tamil Family Emotional Drama එක – Paris Cafe (2025) 🎬
Thunder Media & LV Entertainment එකෙන් නිෂ්පාදනය කරලා, Saraj Seelan අධ්යක්ෂණය කරපු මේක Paris, Chennai වලම Shoot කරපු ලස්සනම ෆිල්ම් එකක්. 🔥
🎬 චිත්රපටයේ විස්තර
> නම: Paris Cafe > අධ්යක්ෂණය: Saraj Seelan > නිෂ්පාදනය: Thunder Media & LV Entertainment > ප්රධාන චරිත: Guru Somasundaram (Dr. Goutham), Anumol K. (Tara), Vijay Vishwa (Kavin Samson), Archana (Oli Vizhiyal), Manoharan, Sai Vicky, Nayana Sai 👫 > සංගීතය / කැමරාව / සංස්කරණය: Satish, VJ Sabu Joseph > වර්ගය: Romance / Family / Social Message
📖 කතාව පැත්තට යමුද…
Guru Somasundaram කියන්නේ රජයේ ඩොක්ටර් කෙනෙක්. Anumol කියන්නේ architect කෙනෙක් වගේම සමාජ සේවිකාවක්. දෙන්නගේ විවාහ ජීවිතේ ආදරෙන්, සහයෝගයෙන් පිරිලා තියෙන ආදර්ශමත් couple එකක්. 🥰
හැමදේම ලස්සනට යද්දි කතාව වෙනස් වෙන්නේ Guru Paris වල Medical Seminar එකකට යනකොට. Paris වල Cafe එකක තිබ්බ පෙම්වතුන් දෙන්නෙක්ගේ Photo එකක් දකින Guru, එයාලගේ අවාසනාවන්ත ඉරණම ගැන දැනගෙන Shock වෙනවා. 😢
Chennai වලට ඇවිත් ඒ disturbing information එක එයාගේ wife ට කියනවා. ඒ පෙම්වතුන්ගේ මරණය ගැන විස්තර පත්තරේ යනකොට Anumol ට Guru එක්ක ලොකු තරහක් එනවා. ඒකෙන් එයාලා දෙන්නා වෙන් වෙනවා.
ඔය අතරේ…
Boston වල ඉන්න එයාලගේ දුව Oli (Archana) ට ලොකු company එකක job එකක් හම්බවෙනවා. ඒ සතුටු ආරංචිය කියන්න අම්මයි තාත්තයිට call කරද්දි දෙන්නම phone එක answer කරන්නේ නෑ. පහුවදා තමයි දැනගන්නේ අම්මයි තාත්තයි වෙන් වෙලා කියලා. 💔
අම්මයි තාත්තයි ආයෙ එකතු කරන්න Oli එයාගේ boyfriend Kavin Samson (Vijay Vishwa) එක්ක ලංකාවට එනවා කියලා නෙවෙයි, ඉන්දියාවට එනවා. ✈️
එතකොට තමයි ලොකුම ප්රශ්න ටික එන්නේ…
ඒ තරුණ පෙම්වතුන් දෙන්නා කවුද? ඒ දෙන්නව මැරුවේ ඇයි? ඒකට Dr. Goutham ට තියෙන සම්බන්ධේ මොකක්ද?
මේ හැමදේටම උත්තරේ Paris Cafe එක ඇතුලේ Emotional & Social Conscious Storyline එකකින් ලස්සනට පෙන්නනවා.
⭐ ඇයි බලන්න ඕන?
Director Suraj Seelan මේක Lecture එකක් වගේ නෙමෙයි, ආදර කතාවක්, පවුල් කතාවක් ඇතුලේ සමාජයේ තියෙන Honor Killing, Casteism වගේ බරපතල ප්රශ්නයක් ගැන කතා කරන විදිය සුපිරියි.
Guru Somasundaram ගේ calm performance එකයි, subtle humour එකයි, Anumol ගේ වේදනාව, තරහව එක්ක තියෙන emotional depth එකයි ෆිල්ම් එකේම හයිය. Oli & Kavin ගේ Fresh Love එකයි, Sai Vicky & Nayana Sai ගේ තවත් ලස්සන ආදර කතාවයි ෆිල්ම් එකට වෙනමම ලස්සනක් ගේනවා. Paris & Chennai ලස්සනට capture කරපු Satish ගේ Cinematography එකත්, හිතට වදින Songs ටිකත් අමතක කරන්න බෑ. 🎵
මේක නිකන්ම Romance එකක් නෙමෙයි. ආදරය, පවුල, කැපකිරීම, සහ සමාජ සාධාරණත්වය ගැන කතා කරන, අන්තිම වෙනකන් බලන්න හිතෙන, හිතට දැනෙන Thought-Provoking ෆිල්ම් එකක්. 🥹
Aruvi, Pariyerum Perumal වගේ Social Message තියෙන ආදර කතාවලට ආස අයට මේක Must Watch එකක්!
👉 Dr. Goutham ගේ අතීතයේ සැඟවුණ රහස මොකක්ද? Oli ට අම්මයි තාත්තයිව එකතු කරන්න පුළුවන් වෙයි ද?
Paris Cafe සිංහල උපසිරැසි සමඟ දැන්ම http://Cinesubz.lk වෙබ් අඩවියෙන් බලන්න! 💻☕️
බලලා ඔයාට හිතෙන දේ Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 💬



