උල්කාපාතයෙන් ලැබුණු බලය

2021 දී ආපු සාර්ථක PAW Patrol පළමු සිනමාපටයෙන් පසුව 2023 දී තිරගත වුණු, ලොව පුරා අතිශය ජනප්‍රිය වූ Animation / Adventure / Action සිනමාපටය තමයි PAW Patrol: The Mighty Movie.
මිනිත්තු 88 ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ කැල් බ්‍රන්කර් (Cal Brunker) විසිනි. කුඩා දරුවන්ට විතරක් නෙවෙයි මුළු පවුලේ සැමටම එකට හිඳ නරඹමින් විනෝද විය හැකි අලංකාර සිනමාපටයක් ලෙස මෙය ප්‍රසිද්ධියට පත්වුණා.
​හඬ දායකත්වය (Voice Cast): ලෝකප්‍රකට නළු නිළියන් රැසක් මෙහි චරිත සඳහා හඬින් දායක වී තිබෙනවා. ස්කයී (Skye) ලෙස මැකෙන්නා ග්‍රේස් (Mckenna Grace), වික්ටෝරියා වෑන්ස් ලෙස තරාජි පී. හෙන්සන් (Taraji P. Henson), චේස් ලෙස ක්‍රිස්ටියන් කන්වරි (Christian Convery), ලිබර්ටි ලෙස මාසායි මාටින් (Marsai Martin) මෙන්ම කිම් කාර්ඩෑශියන් (Kim Kardashian), ජේම්ස් මාස්ඩන් (James Marsden) සහ ක්‍රිස්ටන් බෙල් (Kristen Bell) ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිතයන්ට ජීවය කවනු ලබනවා.
​කතාව ගැන: ඇඩ්වෙන්චර් සිටි (Adventure City) නගරයට කඩාවැටෙන අභිරහස් උල්කාපාතයක් (Magic Meteor) නිසා PAW Patrol කල්ලියේ පුංචි බලු පැටවුන්ට නොසිතූ විදිහේ අද්භූත සුපිරි බලයන් (Superpowers) හිමිවෙනවා. ඒ එක්කම ඔවුන් “Mighty Pups” බවට පත්වෙනවා!
​කණ්ඩායමේ සිටින කුඩාම සාමාජිකයා වෙන ස්කයීට (Skye) මෙතෙක් ලැබුණු ලොකුම බලය ලැබීමත් සමඟ ඇගේ ආත්මවිශ්වාසය වැඩිවෙනවා. නමුත් මේ අතරතුර, ඔවුන්ගේ පරම හතුරා වන හැම්ඩින්ගර් (Mayor Humdinger) සිරගෙයින් පැනගොස්, වික්ටෝරියා නමැති පිස්සු විද්‍යාඥවරියක් සමඟ එකතු වී මේ පැටවුන්ගේ සුපිරි බලයන් හොරකම් කරන්න කුමන්ත්‍රණය කරනවා. නගරය සහ තමන්ගේ බලයන් බේරාගැනීමට පුංචි ස්කයී ඇතුළු පිරිසට මහා සටනක යෙදෙන්නට සිදුවෙනවා.
තමන් කොච්චර කුඩා වුණත්, ලොකු කැපකිරීමකින් ඕනෑම අභියෝගයක් ජයගන්න පුළුවන් කියන ලස්සන පණිවිඩය මෙමගින් ලබා දෙනවා. සුපිරි වීරයන් බවට පත්වන බලු පැටවුන්ගේ ඇක්ෂන් ජවනිකා සහ වර්ණවත් Animation නිර්මාණය ඉතා උසස් මට්ටමක පවතිනවා.
පුංචි අයට විතරක් නෙමෙයි ​ඇනිමේෂන් චිත්‍රපට බලන්න ආස කරන අයට මෙන්ම ගෙදර ඉන්න චූටි බබාලත් එක්ක බලන්න සුපිරිම ෆිල්ම් එකක්! ඊළඟ එකත් ඉක්මනින් අරන් එන්නම්! නැවත් හමුවෙමු!

Comments