EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

සුත්තු

Pennum.Porattum.අධ්‍යක්ෂක රාජේෂ් මාධවන් ,ලේඛක- රවි සංකර්, සුභාෂ් චන්ද්‍රන්රාජේෂ්, මාධවන්රයිනා, රාධක්‍රිෂ්ණන් රංගනයෙන් දායක වී ඇත. මේ කතාව පටන් ගන්නේ ගමේ ඉන්න පිරිසක් අතර ඇති වෙන රණ්ඩුවකින්.මේ වෙලාවේ මෙතනට එන ගෝපලන් මේ හැමෝගෙන්ම පොරොන්දුවක් ගන්නවා ආයමත් රණ්ඩු නොවෙන්නත්,ආයුධ අතට නොගන ඉන්නත්.මේ සිදුවීම වෙන්නේ බොහෝ කාලයට පෙරයි.
ඉතින් මේ ගමේ මාස්ටර් නම් මැදි වියේ ඉන්න අවිවාහක මැදි වියේ ඉන්න පුද්ගලයෙක් තමයි ගමේ ඉන්න ගොඩක් අයගේ ගැටළු විසදලා සමතයකට පත් කරන්නේ
බාබුරාජ් නම් තරුණයෙකුගේ ගෙදර සුත්තු නම් බල්ලෙක් හදා වඩා ගන්නවා.නමුත් මේ ගෙදර අය මේ බල්ලට හොදට සලකන්නේ නෑ.මේ බල්ලා මේ ගැන දුක් වුනත් උගේ වගකීම ඉටු කරන්න සැදී පැහැදී ඉන්නවා.බබුරාජ්ගේ ගෙදර සුත්තු හැදි වැඩුනත් චාරු තමයි සුත්තුට ආදරෙන් ඉන්නේ ඌ ගැන හැම දෙයක්ම හොයලා බලන්නේ.දවසක් බාබුරාජ්ගේ අම්මා සුත්තුට කෑම දෙන්න යන වෙලාවේ ඌට ගහන්න යනවා.මේ වෙලාවේ සුත්තු අම්මගේ අත හපනවා.සුත්තු ගෙදරින් කෙලින්ම පැනලා යන්නේ පොලිසියට.පොලිසියේදී මේ බල්ලට බය වුණ හැමෝම ඌට ජලභීතිකාව තියනවා කියලා කලබල වෙනවා.මේ කතාව ලැව් ගින්නක් වගේ මුළු ගමේම පැතිරිලා යනවා.
මාස්ටර් මේ ගමේ තරුණ කණ්ඩයමක් එකතු කරගෙන සංගමයක් හදාගෙන ඉන්නවා.මේ කණ්ඩායමට මේ ආරංචිය ලැබුණ ගමන්ම එයාලා බල්ලව හොයාගෙන යනවා ඌව මරන්න.ඒත් මේක කට කතාවක් බව කවුරුත් දන්නේ නෑ.
ඉතිං මේ වෙන දේවල් නිසා සුත්තුට ඕන වෙන්නේ මේ ගමෙන් පැනලා යන්න.මේ විදිහටයි මේ කතාව ගලාගෙන යන්නේ.ඒත් මේ කතාවේ රසවත් කොටස් තව ඉදිරියටයි තියන්නේ. මේ සුත්තුගේ ගමන අතරමගදී ගමේ අය සුත්තුට බය වෙන්නේ කොහොමද? සුත්තුව කොටු කරගන්න මේ තරුණයන් කරන්න යන්නේ කුමක්ද? සුත්තුට එයාගේ ජීවිතේ බේරගන්න දරණ උත්සහයේ දී වෙන රසවත් මෙන්ම අමිහිරි දේවල් ෆිල්ම් එක පුරාම ලස්සනට ගෙන එනවා.
ෆිල්ම් එක බලලම ඉන්න.මේක රසවත් වගේම හිනා වෙවී බලන්න පුලුවන් කතාවක්.

Comments