අභිරහස් සුසාන භූමිය…

ඔන්න එහෙනම් නැවතත් ඔබ වෙත මේ එන්නෙ 1989 වර්ෂයෙ තිරගත වෙච්ච චිත්‍රපටයක් සමගයි. වැඩිය කට්ටිය නම් නොබලයි. ඒත් ඉතිං බලන උදවිය වෙනුවෙන් තමයි මේ අරගෙන ආවේ. සමහරුන්ට නම් අහල පුරුදු ඇති. තවත් සමහරුක් 2019 වර්ෂයෙදී මේ නම අහල තියෙන්නත් පුළුවන් . Pet Cemetery කියන්නෙ ස්ටෙෆන් කින්ග් නැමති කෘතවරයාගෙ අතින් ලියවුණු නව කතාවක්. මෙය පාදක කරගෙන තමයි චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නෙ. චිත්‍රපටය හට IMDb අගය 6.1 සහ කුණු තක්කාලි අගය 50% ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ක්‍රීඩ් පවුල වන රේචල්, ලුයිස් සහ ඔවුන් දෙදෙනාගෙ ළමයි වන ගේජ් සහ එලන් සමග චිකාගො සිට අලුත් ගෙයකට පැමිණෙනවා. මොකද ලුයිස් හට විශ්ව විද්‍යාවේ දොස්තර වරයෙක් හැටියට රැකියාවක් ලැබෙනවා නිසාවෙන්. ආපු පළවෙනි දවසෙම වගේ ඔවුන්ගෙ දරුවා වන ගේජ් අනතුරකට මුහුණ පෑමට සිදු වෙනව. ඔහුව ඒ සිද්ධ වෙන්න යන අනතුරෙන් බේරගන්නෙ එහා පැත්තෙ ගෙදර ඉන්න ජුඩ්. ඔන්න ඉතිං දවසක් මෙයාලට ගේ හරියෙ තිබෙන පාරක් හම්බවෙනවා. ඒක කෙලින්ම යන්නෙ “සුරතල් සුසාන භූමිය” හටයි. හැබැයි මේ සත්ව සුසාන භූමියට එහාට වෙන්න තියෙන මික්මැක් නැමති ඉන්දියානුවරයන්ට අයිති භූමියක්. මෙහෙදී මැරිච්ච කෙනෙක් වළ දැම්මොත් ඒ කෙනාට නැවත පණ එනවා. හැබැයි ඉතිං නැවතත් පැමිණෙන්නෙ අපි දැනන් හිටපු කෙනාම නෙමේ. ඊට් වඩ වෙනස් කෙනෙක් තමයි පැමිණෙන්නෙ. දවසක් මෙයාලගෙ දරුවා ගේජ් පාරෙ යන ට්‍රක් එහෙකට හැප්පිලා මැරෙනවා. ලුයිස් හිතාගන්න බැරිවෙනවා. මොනා කරන්නද කියල හිතාගන්න බැහැ. ඉතිං මෙයාට මතක් වෙනවා ජුඩ් ඒ පෙන්නපු ස්ථානය. මෙයා ගිහින් තමන්ගෙ ළමයාව වළ දානව. හැබැයි ඉතිං නැවතත් එන්නෙ ඒ ළමයාම නෙමේ. ඉතිං අපි බලමුකො මෙයාලාට ඒ දරුවා නිසා මරණය උරුම වෙයිද එහෙමත් නැත්තම් නැවතත් පණ ආපු දරුවාට ඔහුගෙ පියාණන් මගින් මරණය උරුම වේවිද කියල.

Comments