Cast
Go Full Cast Pageසුබ දවසක් ඔයාලා හැමෝටම මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2026 අලුතින්ම රිලීස් වුන photographer කියන Tamil Movie එක. මේ කතාවේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ මේ movie එකේ ඩිරෙක්ටර් අශාර්ෆ් අලී. මේ කතාව Psychological / Fantasy Mystery කියන කැටගරි වලට තමයි අයත් වෙන්නේ අපි යමු කතාවට.
කතාවේ ප්‍රධාන චරිතය තමයි වීරා. එයා පෝසත් පවුලක පිරිමි ලමයෙක් එයාට පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කිසිම අදහසක් නෑ මොකද එයාගේ ලොකුම හීනේ තමයි photography වලින් ඉස්සරහට යන්න.
මේ අතර එයා යාලුවාගේ ගෙදර යනවා ඒ ගිහාම එයා එයගේ යාලුවට මේ හැම දේම කියනවා. යාලුවා මෙයාට එයාල කලින් කරපු ගෝල්ඩන් ට්‍රී කියන ව්‍යාපෘතියක් ගැන අලුත් තොරතුරු ටික දෙනවා.වීරා තීර්නය කරනවා යාලුවා දුන්න තොරතුරු ටිකත් අරන් ඒ ප්‍රදේශයට යන්න.
වීරාට මේ ගෝල්ඩන් ට්‍රී එක හොයාගෙනයන්න වෙන්නේ සෝලයි වලට. මේ කැලයට ගිය කිසි කෙනෙක් ආපහු ඇවිල්ලා නෑ කියලා වීරා ගමේ අයගෙන් දැනගන්නවා. හැබැයි වීරාගේ අරමුන මේ ගෝල්ඩන් ට්‍රී එක කොහොමහරි හොයාගන්න එක. කතාවේ හොදම ටික පටන් ගන්න යන්නෙ දැන් තමයි. ඔයාලා මොකද හිතන්නේ වීරා කැලේ ඇතුලට යයි ද? ගියොත් ආයේ එන්න බැරිවෙයි ද?
හැබැයි මේ හැමදේටම උත්තර ඔයාලට මේ චිත්‍රපටියෙන් හොයාගන්න පුලුවන්. අන්තිම තත්පරය වෙනකන් කුතුහලයෙන් බලන්න පුලුවන් සුපිරි movie එකක්. මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ movie එක බලන්න කියලා. ඔයාලා හැමෝටම සුබ දවසක්.


