අදෘශ්‍යමාන දඬුවම

ගැබිනි කාන්තාවක්ව අමානුෂික විදිහට ඝාතනය කිරීමෙන් පටන් ගන්න මේ කතාවේ, හැමෝම හිතන්නේ ඒක කළු මන්තර ගුරුකම් හෝ අද්භූත බලවේගයකින් සිද්ධවුණු දෙයක් කියලයි. මේ කේස් එක භාරගන්න වරලක්ෂ්මී කියන දක්ෂ පොලිස් නිලධාරිනිය පරීක්ෂණ පටන් ගනිද්දී, මිනීමැරුමට සම්බන්ධ බලවත් අපරාධකාරයෝ එකින් එකා අභිරහස් ලෙස මැරෙන්න පටන් ගන්නවා. නීතියෙන් බේරුණු බලවතුන්ගෙන්, තමන්ගේ බිරිඳ සහ දරුවා වෙනුවෙන් යක්ෂයෙක් බවට පත්වී පලිගන්නා සාමාන්‍ය මනුස්සයෙකුගේ දරුණු පළිගැනීමේ ගින්න සහ ඒ පිටිපස්සේ තියෙන ඇත්තම රහස කතාව පුරාම දිගහැරෙනවා.
Sanjeev Megoti අධ්‍යක්ෂණය කළ, Naveen Chandra, Varalaxmi Sarathkumar, Ragini Dwivedi, P. Ravi Shankar සහ Saptagiri ඇතුළු පිරිසක් රඟපාන මේ 2026 ජූනි 12 වෙනිදා නිකුත් වූ Action, Mystery, Thriller, Horror චිත්‍රපටය Sambhramam ලෙස හැඳින්වෙනවා. කළු මන්තර, ඉන්ද්‍රජාලික උපක්‍රම සහ අභිරහස් ඝාතන එකතු වුණු, අවසාන විනාඩි විස්සේ නොසිතූ සප්‍රයිස් එකක් එක්ක බලන්න පුළුවන් පට්ටම Action Thriller එකක්.

Comments