පූජාව

ආයුබෝවන් යාළුවනේ ඔන්න අද මම අරගෙන ආවේ විශාල් රංගනයෙන් දායක වෙන පූජෛ චිත්‍රඔඅටියට උපසිරැසි අරගෙනයි එහෙනම් අපි බලමු කතාවේ අන්තර්ගතය මොකද්ද කියලා පූජා – 2014 චිත්‍රපටිය අධ්‍යක්ෂක හරිගේ සම්පූර්ණ formula එකම තියෙන ෆිල්ම් එකක්. ගම, කුල දේවතාවා, පවුල් ප්‍රශ්න, විලන් කෙනෙක්, ඒ විලන්ව නැති කරන්න ඕන තැනකට ගිහින් හම්බෙන හීරෝ – මේක තමයි හරිගේ ගේම. හරිගේ කලින් ෆිල්ම් බලලා නැති අයට මේ එක ෆිල්ම් එක බැලුවාට ඇති.
කතාවේ හීරෝ Vishal ගමේ මිනිස්සුන්ට “Fire Vatti” කියන අධික පොලියට සල්ලි දෙනවා. සල්ලි ගෙවන්න බැරි උන්ව එයාගේ අය අල්ලන් ඇවිත් ගහනවා. හීරොයින් Shruthi Haasan කියන්නේ ආදරේට logic එකක් ethics එකක් ඕන කියලා. හැබැයි එයාම එයාගේ යාළුවෙක්ට විදේශේ යන්න ට්‍රීට් එකක් දෙන්න Vishal ගෙන් වට්ටියට සල්ලි අරන් දෙනවා. විලන් කෙනා Bihar වල රවුඩි වැඩ කරලා පොලීසියෙන් බේරෙන්න Coimbatore ගමක හැංගිලා ඉන්න කුලී හමුදා ලීඩර් කෙනෙක්.
ගමේ පොලිස් නිලධාරි Sathyaraj සහ එයාගේ බිරිඳව විලන්ගේ අය theater එකක් ඉස්සරහ පාරේදි ගහනකොට Vishal ඒකට මැදි වෙනවා. ඒකෙන් පස්සේ Vishal සහ විලන් අතර ගැටුම පටන් ගන්නවා. අන්තිමට Vishal තනියම ගිහින් විලන් සහ එයාගේ ගෝලයන්ව නැති කරලා ගමයි පවුලයි බේරගන්නවා.
මේ ෆිල්ම් එකේ logic හොයන්න එපා. Vishal Pollachi ඉඳන් Coimbatore, Ooty, Aliyar, Bihar වලට එක දිගට යනවා. කාලයයි දුරයි ගැන හිතන්නේ නෑ. සටන් වල විතරක් නෙවෙයි comedy කියලා Suriya, Soori වගේ අයව ගහන scene වලත් වයලන්ස් තියෙනවා. මුලින් Vishal ව ගෙදරින් එලවන Radhika පස්සේ “ගිහින් උන්ගේ අත කඩලා වර” කියලා කියනවා. ඊට පස්සේ අත විතරක් මදි, ඔලුවත් අරන් වර” කියන තරමට පවුලම Vishal ව මැරයෙක් විදියට treat කරනවා.
සරලව කිව්වොත් මේක මොළේ අයින් කරලා බලන්න පුළුවන් Mass Action ෆිල්ම් එකක්. ටිකක් rowdy හීරෝ කෙනෙක්, වෙනස් හීරොයින් කෙනෙක්, දුෂ්ඨයෙක් ඉන්නවා. අන්තිමට හීරෝ ජයගන්නවා. ඉතින් මේක බලන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් තවත් උපසිරැරියකින් ඉක්මණින් හමුවෙමු කමෙන්ට් එකක් එහෙම දාන්න🩷🌻

Comments

September 3, 2026

Days of thunder (1990) movie එක දෙන්න try කරන්න පුලුවන්ද please

September 3, 2026

Nice

September 3, 2026

Veery nice

September 3, 2026

Nice web