A Promise Given Must Be Kept.

ආයුබෝවන් යාළුවනේ 👋🤍
අද අපි Cinesubz.lk එකෙන් ඔයාලට අරන් ආවෙ 2026 ජූනි 26 තිරගත වුණ, හැමෝගෙම හිතට වදින අලුත්ම Tamil Emotional Drama එකක්. ඒ තමයි Arunkumar Sekaran ගේ Promise සිංහල උපසිරැසි එක්ක. 🍿
2017 දී ආපු Aruvi එකෙන් පස්සේ HIV තේමාවක් එක්ක Tamil Cinema එකේ ආයෙමත් ලොකුවට කතා වෙන ෆිල්ම් එක තමයි මේක. 🔥
🎬 චිත්‍රපටයේ විස්තර: 📝
Promise කියන්නේ Arunkumar Sekaran විසින්ම ලියලා, අධ්‍යක්ෂණය කරලා, ප්‍රධාන චරිතයත් රඟපාන එයාගේ පළවෙනි Feature Film එක. 🎬
ප්‍රධාන චරිත වලට Arunkumar Sekaran (Sangamithran ලෙස), Nathiya Somu (Lakshmi ලෙස) ඉන්නවා. 👫 සංගීතය Saravana Deepan ගෙන්. 🎵 ඔයා ආස කරපු “Thenmazhai Saarale” (කතාවේ ආදරේ උච්චතම තැන) සහ “Uthirukiren Naanadi” (දුකේ උච්චතම තැන) සින්දු දෙකම තියෙන්නේ මේකේ.
Runtime එක පැය 1 විනාඩි 49 යි. ⏰ Cert – UA 16+
📖 කතාව පැත්තට යමු… 👀
Sangamithran කියන්නේ tiles company එකක වැඩ කරන මාර්කටින් කොල්ලෙක්. එයා දවසක් college bus එකක් එනකන් බලන් ඉන්න Lakshmi කියන college කෙල්ලව දකිනවා. 😍 බලද්දි Lakshmi එයාට වඩා දඟකාරයි. “ඔයා ගොඩක් පරක්කුයි, මම ඔයාට කලින් ඉඳන්ම ආදරෙයි” කියලා එයාම තමයි ආදරේ පටන් ගන්නේ.
ඔක්කොම ලස්සනට යද්දි Lakshmi ට එක දෙයක් තේරෙනවා. Mithran ට බොන පුරුද්දක් තියෙනවා කියලා. 💔 එතනදි Lakshmi එයාගෙන් එක පොරොන්දුවක් ගන්නවා – “බොන එක නවත්තනවා කියලා Promise එකක් දෙන්න.” 📜
ඒ Promise එකත් එක්ක එයාලා බඳිනවා. Lakshmi pregnant වෙනවා. ඒත් හරියටම ඒ වෙලාවේ එයාලගේ ජීවිතේම උඩුයටිකුරු කරන Medical Report එකක් එනවා. දෙන්නටම කරපු HIV Test එකේදි Lakshmi ට Negative, Mithran ට HIV Positive. 😢
“බෙහෙත් අරන් හැමෝම වගේ ජීවත් වෙන්න පුළුවන්” කියලා Lakshmi එයා ළඟින් හිටියත්, සමාජය, නෑදෑයෝ Mithran දිහා බලන්නේ කොහොමද? තමන්ගේම පොරොන්දුවක් කඩ කරපු එකෙන් එයාගේ ජීවිතේ කොහොම වැටුණද? එයාට ආයෙත් සාමාන්‍ය ජීවිතේට එන්න පුළුවන් වෙයිද?
⭐ Reviews පැත්ත:
The Times of India & Maalaimalar දෙකෙන්ම මේකට 2.5/5 ලැබිලා තියෙනවා. Critics ලා කියන විදියට මේක සරල ආදර කතාවකින් බරපතල සෞඛ්‍ය අරගලයකට මාරු වෙන හැටි හොඳටම Attempt කරලා තියෙනවා. Script එකේ පොඩි අඩුපාඩු තිබ්බත්, Saravana Deepan ගේ BGM එකයි, දෙන්නගෙම Natural Acting එකයි තමයි ෆිල්ම් එකේම හයිය.
BookMyShow / IMDb වල Audience ලා නම් මේකට ගොඩක් ආස වෙලා තියෙනවා. Newcomers ලා දෙන්නගෙම Heartfelt Message එකට.
මේක නිකන්ම ෆිල්ම් එකක් නෙමෙයි. මේක අදටත් අපේ සමාජයේ තියෙන ලොකුම බය, HIV ගැන තියෙන වැරදි මත, බේබදුකම නිසා ජීවිතේ නැතිවෙන විදිය, පොරොන්දුවක් කියන වචනේ බර ගැන කතා කරන Promising Attempt එකක්.
Aruvi වගේ ෆිල්ම් වලට ආස කරපු, අඬලා හිතට දැනෙන කතාවක් බලන්න ආස අයට මේක Must Watch එකක්. 🥹❤️
ඉතින් Sangamithran ගේ ජීවිතේට මොකද වෙන්නේ කියලා දැනගන්න Promise සිංහල උපසිරැසි එක්ක දැන්ම අපේ http://Cinesubz.lk වෙබ් අඩවියට එන්න! 💻
බලලා හිතෙන දේ Comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 💬

Comments

October 15, 2026

Good