අද අපි cinesubz.lk වෙතින් අරගෙන ආවේ Elan ගේ අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රධාන රංගනයෙන් දායක වන Pyaar Prema Kalyanam චිත්‍රපටයට සිංහල උපසිරැසි. 2026 අගෝස්තු 21 වෙනිදා තිරගත වුන මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය Saanve Megghana. තව Radhika Sarathkumar, M. S. Bhaskar, Yogi Babu, Senthil වගේ අයත් රඟපානවා. සංගීතය Yuvan Shankar Raja, නිෂ්පාදනය Rise East Entertainment. මේක Netflix වලින් බලන්නත් පුළුවන්.
කතාව
ඩුබායි රාජ්‍යයේ සිවිල් ඉංජිනේරුවරයෙක් විදියට වැඩ කරන ඉළන් අවුරුදු එකහමාරකට පස්සේ චෙන්නායි එන්නේ ආදරය කරලා කසාද බැඳ ඉලන්ගේ අම්මා තාත්තා එක්ක සතුටින් ජීවත් වෙන්න හිතාගෙන ඉතින් ඉලන්ගේ තාත්තගේ කැමත්ත අනුව තාත්තා හොයලා දෙන කෙල්ලව කසාද නොබැඳ ඉලන් කැමති කෙල්ලව කසාද බඳිනවා ඉතින් මේ කෙල්ල තමයි පවි කියන්නේ
ඉතින් පව් කියන්නේ instagrame වල ජනප්‍රිය Influencer කෙනෙක්.ඉතින් ඉලන් පවි දෙන්නා දෙන්නට දෙන්නා කැමති වෙලා ආදරේ කරලා පවුලේ අයගේ කැමැත්තත් එක්ක කසාද බඳිනවා
හැබැයි කසාදෙන් පස්සේ මනාලිය මනාලයගෙ ගෙදරට කැන්දන් යන්න හදද්දී මනමාලිය පැනලා යනවා ඔතනින් තමයි චිත්‍රපටය පටන් ගන්නේ
ඇයි මේ පැනලා යන්නේ පවී කියනවා මට ඔයාගේ ගෙදර එන්න බෑ මගේ අම්මා තාත්තා එක්ක මට ජීවත් වෙන්න ඕන හැම කෙල්ලෙක් වගේම කසාද බැඳලා තමන්ගේ මහත්තයගේ ගෙදරට ගිහින් මම ජීවත් වෙන්න කැමති නෑ ඔයා මගේ ගෙදරට එන්න කියලා ඉලන්ට කියනවා අපේ වචනෙන් කියනවනම් එලන්ට පවි එක්ක බින්න බහින්න වෙනවා ඉතින් දැන් මේ කසාදේ සිද්ධ වුනේ ඉන්ස්ට්‍රාග්‍රෑම් ලයිව් පෙන්නන අතරෙම නිසා පවීගේ ප්‍රේක්ෂකයො අතරත් මේ සිද්ධිය වයිරල් යනවා ඉතින් සෝෂල් මීඩියා ඉස්සරහත් සමාජය ඉස්සරහත් හෑල්ලුවට ලක්වෙන මේ ඉලන් පවීගේ කැමැත්ත විදියට බින්න බහීවිද ? ඉලන් මුහුණ දෙන අභියෝග මොනවද වගේ දේවල් මේකෙන් ලස්සනට පෙළගස්වලා තියෙනවා
රංගනය ගැන කතා කලොත් Saanve Megghana මෙතන සුපිරි. එයාගේ හැඟීම් පෙන්නීම නම් top. Elan නළුවා විදියට just okay, ඒත් අධ්‍යක්ෂක විදියට එයා ගෙනාපු අදහස නම් අලුත්. Radhika, MS Bhaskar, Yogi Babu ඔක්කොම තමන්ගේ චරිත හොඳට කළා. Yuvan ගේ සංගීතයත් චිත්‍රපටයට ලොකු වටිනාකමක් එකතු කරනවා.
සමස්තයක් විදියට Pyaar Prema Kalyanam කියන්නේ හොඳ පවුල් ආදර කාමඩියක්. 10න් 6ක් දෙන්න පුළුවන්. පළවෙනි භාගය ටිකක් ඉවසන්න ඕන වුනත්, දෙවෙනි භාගය බලන්න වටිනවා. සම්ප්‍රදායට අලුත් අදහසක් දෙන නිසා පවුල එක්ක බලන්න පුළුවන් චිත්‍රපටයක්.
මේක අපි හැමෝම දන්න Hotspot චිත්‍රපටයේ idea එකට ගොඩක් සමානයි.
Hotspot එකේ තිබ්බේ මනාලයා මනාලියගේ ගෙදරට යන “Ghar Jamai” concept එකනේ. ගෙදර කට්ටිය එක්ක හැමදාම ඇති වෙන රණ්ඩු, ප්‍රශ්න, සම්ප්‍රදායට විරුද්ධ වීම වගේ දේවල් ටිකක් වෙනස්ම ආකාරයෙන් මේ චිත්‍රපටයෙන් අපිට බලාගන්න පුළුවන්
ඉතින් මේ චිත්‍රපටය බලලා ඔබගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න 🩷🌝

Comments

August 27, 2026

බාගයයි බැලුවෙ ජරාව. මචං පිරිම කියන්නෙ පිරිමි. එච්චරයි