Cast
Go Full Cast Pageරක්කසපුර අඳුරු රහස
cinesubz.lk එක්ක එකතුවෙලා ඉන්න සහෘත ඔබ සැමටම ආයුබෝවන්!! කන්නඩ සිනමාවෙන් එන ත්‍රාසජනක කතා බලන්න ආස අයට සුපිරිම චිත්‍රපටයක් තමයි අද අපි අරගෙන ආවේ. 2026 අවුරුද්දේ රිලීස් වුණු Rakkasapuradhol කියන්නේ 7.1ක ඉහළ IMDb රේටින් එකක් ගත්ත නියම Psychological Crime Thriller අත්දැකීමක්. දැනටමත් Amazon Prime Video හරහා ස්ට්‍රීම් වෙන මේ අලුත්ම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රවී සාරංග විසින්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ කන්නඩ සිනමාවේ දැවැන්තයෙක් වගේම අතිදක්ෂ නළුවෙක් වෙන රාජ් බී. ෂෙට්ටි. ඔහුට අමතරව ස්වාතිෂ්ටා ක්‍රිෂ්ණන්, අර්චනා කොට්ටිගේ සහ අනුරුද් භාට් ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් මේ නිර්මාණයට අතිවිශිෂ්ට විදියට දායක වෙලා තියෙනවා. කතාව ගැන ටිකක් කිව්වොත්, රිය අනතුරකින් තමන්ගේ ආදරණීය බිරිඳ අහිමි වීමේ ශෝකය දරාගන්න බැරුව මත්පැන් වලට ඇබ්බැහි වුණු පොලිස් නිලධාරියෙක් වටා තමයි මේක ගෙතෙන්නේ. මේ ප්‍රශ්න නිසාම ඉහළ නිලධාරීන් විසින් ඔහුව රක්කසපුර කියන දුෂ්කර ගම්මානයට මාරු කරලා යවනවා. සාමාන්‍ය විදියට ගෙවිලා ගිය ඔහුගේ රාජකාරි ජීවිතය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙන්නේ ඒ ගම ඇතුළේ කාන්තාවන් ඉලක්ක කරගෙන සිද්ධවෙන අභිරහස් මිනීමැරුම් මාලාවක් නිසා. තමන්ගේ අඳුරු අතීතයත් එක්ක සටන් කරන ගමන් ගමේ හැංගිලා තියෙන අඳුරු රහස් එළියට ගන්න මේ නිලධාරියාට පුළුවන් වෙයිද කියන එක ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ.



