පුරාවෘත්තයක දැවැන්ත සිනමා ආගමනය

ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය වූ දැවැන්තම සහ වැඩිම පිරිවැයක් දැරූ සිනමා නිර්මාණය ලෙස “Ramayana: Part 1” (Rise of a Legend) පසුගිය නොවැම්බර් 5 වැනිදා ලොව පුරා තිරගත වීම ආරම්භ කළා. Dangal සහ Chhichhore වැනි විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂණය කළ නිතේෂ් තිවාරි (Nitesh Tiwari) ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ සිනමා පටය, වාල්මිකීගේ පැරණි රාමායණ වීර කාව්‍යය නවීන තාක්ෂණය හා මුසු කරමින් ජාත්‍යන්තර මට්ටමට ගෙන ගිය දැවැන්ත උත්සාහයක්.
කතාවේ පසුබිම (Spoilers රහිතව) මෙම පළමු කොටසින් ප්‍රධාන වශයෙන්ම දිගහැරෙන්නේ අයෝධ්‍යාවේ රාම කුමරුගේ (Ranbir Kapoor) උපත, ඔහුගේ ළමා කාලය, සීතා කුමරිය (Sai Pallavi) හා බැඳෙන ආදරය සහ රජ කිරුළ අතහැර වසර 14කට වනගත වීමට සිදුවන හැඟීම්බර සිදුවීම් පෙළයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ, කතාව රාම කුමරුගේ පැත්තෙන් පමණක් නොව, ලංකාපුරයේ රාවණා රජුගේ (Yash) නැගී සිටීම සහ ඔහු තුන් ලොවම තම අණසකට යටත් කරගන්නා බලවත් පාලකයෙකු බවට පත්වූ ආකාරයද සමාන්තරව ගොඩනැගීමයි. යුතුකම, ධර්මය සහ බලය අතර ඇතිවන මහා ගැටුමකට පාර කැපෙන ආකාරය පැය 3 පුරා දිවෙන මේ පළමු කොටසින් බලාගන්න පුළුවන්.

Comments