රනබාලිගේ උපතේ සැඟවුණු රහස මොකක්ද?

ආයුබෝවන් හැමෝටම! අද ඔයාලට අරගෙන ආවේ සුපිරි සටන් ජවනිකා, ආදරය, පළිගැනීම් වගේම හිතට තදින්ම දැනෙන කතාවක් තියෙන දැවැන්ත තෙළිඟු චිත්‍රපටියක්. ඒ තමයි 2026 වසරේ තිරගත වුණු “රනබාලි”. ඉතිහාසය පසුබිම් කරගත් ක්‍රියාදාම චිත්‍රපටියක් වන මේ නිර්මාණයට අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ රාහුල් සංක්‍රිත්‍යාන්. ප්‍රධාන චරිතයට විජේ දේවරකොණ්ඩා පණ පොවද්දී, රශ්මිකා මන්දන්නා ඔහුගේ බිරිඳ විදිහටත්, ආර්නෝල්ඩ් වොස්ලූ දරුණු බ්‍රිතාන්‍ය නිලධාරියෙක් විදිහටත් රංගනයෙන් එකතු වෙනවා. Imdb අගය 7.5/10ක් වන මේ චිත්‍රපටිය නිකම්ම වීරයෙක්ගේ කතාවක් නම් නෙවෙයි.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ ඉන්දියාවේ දරුණු සාගතයක් පැතිරෙන කාලයක සිංගනම, කියන ගමේ ජීවත් වෙන රනබාලි කියන්නේ තමන්ගේ ගම වෙනුවෙන් ඕනම කෙනෙක් එක්ක හැප්පෙන්න දෙපාරක් හිතන්නේ නැති දරුණු සටන්කාමියෙක්. හැබැයි ඔහුගේ උපත පිටුපස කාටවත් නොකියපු රහසක් තියෙනවා. මේ අතරේ බ්‍රිතාන්‍ය නිලධාරියෙක් වන තියඩෝර් හෙක්ටර් මිනිස්සුන්ගේ අන්තිම හාල් ඇටය පවා උදුරගෙන, සාගතය තමන්ගේ බලය වැඩි කරගන්න ආයුධයක් කරගන්නවා. බඩගින්නේ මැරෙන අහිංසක මිනිස්සු දැක්කට පස්සේ තමන්ගේ ගම විතරක් රැකගත්ත රනබාලි මුළු ජනතාවක් වෙනුවෙන්ම කඩුව අතට ගන්නවා. හැබැයි ඔහුට එරෙහිව නැඟී සිටින්නේ ලෝකයේ බලවත්ම අධිරාජ්‍යයක්. එක පැත්තකින් දහස් ගණනක් මිනිස්සුන්ගේ ජීවිත, තවත් පැත්තකින් තමන්ගේ බිරිඳට දුන්න පොරොන්දුව, ඉතින් රනබාලිට මේ අසාධාරණයට එරෙහිව නැඟී ඉන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔහුගේ ඉරණම ඔහුටත් වඩා බලවත් වෙයිද?
එසේනම් කුතුහලය, හැඟීම් වගේම සුපිරි සටන් ජවනිකා පිරුණු මේ කතාව සිංහල උපසිරැසි සහිත වීඩියෝව Cinesubz.lk වෙතින් ඩවුන්ලෝඩ් කරගන්න කියලා ආදාරාධනා කරනවා.

Comments

October 30, 2026

Good