Rise of the Planet of the Apes (2011) | වානර ආක්‍රමණය

2011 අගෝස්තු මාසේ තමයි මේ චිත්‍රපටිය නිශ්පාදනය කරලා තියෙන්නේ. Rupert Wyatt ගේ අධ්‍යක්ෂනයක් වුණ මේ චිත්‍රපටිය ජාත්‍යන්තර චිත්‍රපටි දර්ශකයේ ඇගයීම් 7.8 වගේ ඉහළ සංඛ්‍යාවක් දිනාගෙන තියනවා. James Franco, Andy Serkis සහ Freida Pinto ඇතුළු නළු නිළියෝ පිරිසක් මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටියේ කථාව ගැන කියනව නම් විල් කියන්නේ ජෛව රසායන විද්‍යාඥයෙක්.එයා වැඩ කරන්නේ නව ඖෂද නිපදවන පරීක්ෂනාගාරයක.ඉතින් මේ විද්‍යාඥයා මානව ඇල්ෂයිමර් කියන අමතක වීමේ රෝගයකට බේතක් හොයා ගන්න චිම්පන්සි යොදාගෙන පරීක්ෂන කරනවා.ඒත් ඒ පරීක්ෂනයට බදුන් වන චිම්පන්සි ධේනුව ගැබිනියක් බව මේ විද්‍යාඥයා දන්නේ නෑ.කළහාකාරී හැසිරීම නිසා මේ චිම්පන්සි ධේනුව පරීක්ෂනාගාරයේ ආරක්ෂක නිළධාරීන් විසින් මරා දමනවා. ඉතින් ඒ වනවිටත් ඉපදිලා ඉන්න මේ චිම්පන්සි ධේනුවගේ පැටියා අර ජෛව රසායන විද්‍යාඥයා විසින් හදා ගන්නවා.ඒ පැටියගේ නම තමයි සීසර්.ඉතින් මේ සීසර් මානව බුද්ධි වර්ධන ලක්ෂන පෙන්වන්නේ ඇයි?එයා විද්‍යාඥයා එක්ක ඉතාම සමීප සබදතාවයක් දක්වන්නේ ඇයි?මේ වානරයා නගරයක් ආක්‍රමණය කරන්න තරම් බුද්ධිමතෙක්ද?මේ ප්‍රශ්න වලට උත්තර ඕනේ නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

Comments

August 20, 2026

Supiri ane godak watinawa 👍👍👍

August 24, 2026

meka planet of the apes eke deveni ekada