EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageලෙයින් තෙත් වූ ගං දිය
‘River of Blood’ 2024 වසරේ නිකුත් වුණ Horror, Survive ගණයේ චිත්‍රපටයක්.. ගිණිකොණදිග ආසියාවේ කතාවක් මේ.. ඉතින් ඔයාලට වෙනසකටත් එක්ක සාමාන්‍ය අපේ ලංකාවේ කැලවල් වල, ගංඟා වල දකින පරිසරයට සමාන පරිසරයක්, වයිබ් එකක් තමයි මේ සිනමාපටය පුරාවට දකින්න ලැබෙන්නේ.. පැය එකකුත් මිනිත්තු 26 ක කාලයක් දිවෙන මේ සිනමාපටය පාදක වෙලා තියෙන්නේ වැකේෂන් එකකට ගිණිකොණදිග ආසියාවට ට්‍රිප් එකක් ඇවිල්ලා ඉන්න හතරදෙනෙක් අහම්බෙන් ඇතිවෙන ආසාවකට ඝන කැලේක සංචාරයක් කරන්න ගිහින් ඇතිවෙන ඇබැද්දි ගැනයි..
කතාවේ චරිත තමයි රිචී, ජැස්මින්, මායා, ඒ.ජේ සහ නික්.. නික් කියන්නේ මෙයාලගේ සංචාරක මගපෙන්වන්නා.. මෙයාගේ පරම්පරාවම මේ ජොබ් එක කරපු අය.. මෙයාගේ සීයගේ තාත්තා කියන්නේ මේ කැලේට ආපු මුල්ම පිටස්තරයන්ගෙන් කෙනෙක්.. ඉතින් ඒ නිසා නික් දන්නවා මේ කැලේ තියෙන අද්භූත බව වගේම භයංකාරකම මොකක්ද කියන දේ.. උඩ කීව අනිත් චරිත ටික කපල්ස්.. රිචී තමයි එයාගේ කම්පැනි එක විකුණලා ඒ සල්ලි වලින් මේ ට්‍රිප් එකේ සම්පූර්ණ වියදම දරන්නේ.. කොහොමහරි මේ කැලේට ඇතුළු වෙන මේ අය මුහුණ දෙන්නේ අතිශය භයානක සිද්ධි දාමෙකට.. මිනී මස් කන භයානක පුරාණ ගෝත්‍රයක් මේ කැලේ ජීවත් වෙනවා.. කැලේට එන මිනිස්සු නොමරා මරන මේ පිරිස ම්ලේච්ඡ ගති තියෙන ජාතියක්.. නික් මේ ගැන දන්නවා නමුත් එයත් දෑහින් දැකලා නෑ..
කතාව ඇදීගෙන යන්නේ මේ අය කොහොමද මේ ම්ලේච්ඡයන්ගෙන් ජීවිත බේරගන්නේ කියලා.. ඉතින් බලන්න කාටද මේ පස් දෙනාගෙන් අන්තිමට ජීවිතේ බේරගන්න පුළුවන් වෙන්නේ කියලා සහ කාටද මේ විශාල ඝන කැලෑවෙන් කවදාවත් ආය එළියට පය තියන්න බැරිවෙන්නේ කියලා




