Prema, Haasyam, Uthkanta

Romanchakam (2026) Sinhala Subtitle
ආයුබෝවන් යාළුවනේ_ 👋🤍
අදත් අපි cinesubz.lk එකෙන් ඔයාලට අරගෙන ආවේ 2026 සැප්තැම්බර් 03 තිරගත වෙච්ච අලුත්ම Telugu Youth Comedy Entertainer එකක් 🎬❤️ ඒ තමයි Sandeep Reddy Vanga Present කරන Romanchakam සිංහල උපසිරැසි එක්ක.
නමේ තේරුම: Romanchakam කියන්නේ “හිරිවැටීම / Thrill එක” කියන තේරුම. Dating App එකකින් පටන් ගත්ත ආදරේකින් එන Thrill එකයි, ඒක නිසා වෙන අවුලයි තමයි මේක.
🎬 චිත්‍රපටයේ විස්තර:
Romanchakam කියන්නේ 2026 සැප්තැම්බර් 03 තිරගත වුන Telugu Romantic Comedy එකක්. මේක Venu Gopal Reddy ගේ ලිවීම, අධ්‍යක්ෂණය සහ සංස්කරණයෙන්ම හැදුන ෆිල්ම් එකක්. Arjun Reddy හදපු Bhadrakali Pictures එකෙන් තමයි නිෂ්පාදනය, Pranay Reddy Vanga ගෙන්. Present කරන්නේ Sandeep Reddy Vanga.
සංගීතය Vasuki Vaibhav ගෙන්. කැමරාව Pavan Pappula ගෙන්. Production Design Kushi Deepak Wankhede ගෙන්.
ප්‍රධාන චරිත වලට Sumanth Prabhas (Anvesh ලෙස), Ananthika Sanilkumar (Mythili ලෙස), Venkatesh Kakumanu, Narendra Ravi, Mani Aegurla, Sai Sohan, Upendra Limaye වගේ පිරිසක් ඉන්නවා. Prabhas පවා මේ ෆිල්ම් එකට wish කරලා තිබ්බා.
📖 කතාව පැත්තට යමු…
Startup එකක් කරන Anvesh (Sumanth Prabhas) හදන Dating App එකේ නම තමයි Romanchakam. ඒ App එකෙන්ම Anvesh ට Chennai කෙල්ලෙක් වෙන Mythili (Ananthika) ව හම්බුවෙනවා. Chat එකෙන් පටන් ගත්ත යාලුකම ටික ටික ආදරයක් වෙනවා.
Mythili ව Surprise කරන්න Anvesh Chennai යනවා, ඒත් Mythili එයාව මගහරිනවා. දවස් කීපයකට පස්සේ Mythili ම එයාව Surprise කරන්න Hyderabad එනවා.
දෙන්නා එයාගේ යාලුවෙකුගේ Flat එකේදි මුලින්ම meet වුණාට පස්සේ එකපාරටම Mythili අතුරුදහන් වෙනවා! 😱
Mythili ට මොකද උනේ? මේකෙන් Anvesh සහ එයාගේ යාලුවෝ ටික ලොකු අවුලක පැටලෙනවා. මේ අවුලෙන් එයාලා බේරුනාද? Mythili ආයෙ හම්බුනාද? කියන එක තමයි Romanchakam කියන්නේ.
Jathi Rathnalu වගේම situational, silly comedy එකෙන් තමයි ෆිල්ම් එක ගලාගෙන යන්නේ.
Sumanth Prabhas carefree කොල්ලෙක් විදියට හොඳටම ගැලපෙනවා, Ananthika ලස්සනට ඉන්නවා වගේම Screen Presence එක හොඳයි. ඒත් එයාගේ චරිතයට ලොකු ඉඩක් නෑ.
මේකේ Main Highlight එක තමයි යාලුවෝ ටික. Venkatesh, Mani, Sai Sohan හොඳටම කරනවා, විශේෂයෙන්ම Chintu විදියට ඉන්න Narendra Ravi ගේ witty punches සහ expression සුපිරියටම වැඩ. එයාලා ඉන්න හැම Scene එකම Comedy.
Vasuki Vaibhav ගේ Music එක හරිම pleasant, ෆිල්ම් එක පොඩ්ඩක් down වෙන තැන් වලදි Music එකෙන්ම උස්සනවා. සින්දු දෙකක් විශේෂයෙන්ම ලස්සනයි.
පළවෙනි භාගය Youthful Vibe එකෙන් Fun එකෙන් යනවා, ඒත් දෙවෙනි භාගයේ Upendra Limaye ගේ Police Track එක විනාඩි 20ක් විතර අනවශ්‍ය විදියට ඇදිලා තියෙනවා. ඒක Main Story එකෙන් පිට පැන්නා වගේ දැනෙනවා. Hospital Sequence එක වගේ අනවශ්‍ය Scene ටිකක් අඩු කලා නම් Pace එක තවත් හොඳයි. Emotional පැත්තට වඩා Comedy පැත්තම වැඩියි.
සමස්තයක් විදියට Romanchakam කියන්නේ ලොකු Logic හොයන්න නැතුව, යාලුවෝ ටික එක්ක හිනාවෙලා බලන්න පුලුවන් Time-Pass Comedy එකක්. First Half එක Enjoyable, Climax එකේ Confusion Comedy එක ආයෙම Fun එක ගේනවා. 2.5/5 වගේ Rating එකක් තියෙන, පවුලේ සැමට නෙවෙයි, Youth crowd එකට හරියටම ගැලපෙන ෆිල්ම් එකක්!
ඉතින්, Dating App එකකින් පටන් ගත්ත ආදරේ අවුලක් වුන හැටි බලන්න Romanchakam (2026) සිංහල උපසිරැසි එක්ක බලන්න දැන්ම අපේ cinesubz.lk වෙබ් අඩවියට එන්න 💻
බලලා ඔයාලට හිතෙන දේ යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා යාළුවනේ! 🌻

Comments

October 6, 2026

Good

October 12, 2026

Bro ” Njandukalude Nattil Oridavela ” mer movie ekath denwd 2017 ekk habai