Cast
Go Full Cast Pageඑකම කාමරේ ඇතුළේ ඇවිලෙන හාස්‍යජනක යුද්ධය!
ඔයාලා දන්නවානේ කැම්පස් යන මුල්ම කාලේ අපිට ලැබෙන Roommate (කාමර සගයා) කියන්නේ එක්කෝ අපේ ජීවිතේ ලොකුම වාසනාවක්, නැත්නම් ලොකුම කරුමයක්. මේ කතාවේ වෙන්නෙත් ඒ වගේ දෙයක්.
කතාවේ ප්‍රධාන චරිතය තමයි Devon (Sadie Sandler). ඇය හරිම අහිංසක, ලැජ්ජාශීලී වගේම පොඩ්ඩක් බයගුලු කෙල්ලෙක්. ඉතින් මෙයා කැම්පස් එකේ පළමු වසරේදී තමන්ගේ Roommate විදියට තෝරාගන්නේ Celeste (Chloe East) වයි. Celeste කියන්නේ ඩෙවොන්ට වඩා හාත්පසින්ම වෙනස්, හරිම “Cool”, ඕනෑම තැනක කැපී පේන ජනප්‍රිය චරිතයක්.
මුලදී මේ දෙන්නා හරිම හොඳ යාළුවෝ වගේ හිටියත්, ටික කාලයක් යද්දී මේ දෙන්නා අතර පොඩි පොඩි ගැටුම් ඇති වෙන්න ගන්නවා. අන්තිමට ඒක කොතැනින් නතර වෙයිද කියලා හිතාගන්නවත් බැහැ. ඩෝර්ම් එක ඇතුළේ කෙල්ලෝ දෙන්නෙක් කරන “Passive-Aggressive” යුද්ධයක් තමයි ඔයාලට මේකෙන් බලාගන්න ලැබෙන්නේ
Roommates කියන්නේ හුදෙක් හිනාවෙන්න පුළුවන් චිත්‍රපටයක් විතරක් නෙවෙයි. ඒක ඇතුළේ තරුණ වියේදී ඇතිවෙන මානසික පීඩනය, මිත්‍රත්වය සහ විශ්වාසය ගැනත් ලොකු පණිවිඩයක් තියෙනවා ඉතින් තවත් වැඩි විස්තර නැතිව මේ සුපිරි ෆිල්ම් එක බලන්න ඔයාලට ආරාධනා කරනවා,තවත් මේ මේ වගේ වගේම උපසිරසියකින් හමුවෙමු හැමෝටම සුබ දවසක්.











