මීදුම මැද තනිවී

ආයුබෝවන් යාලුවනේ, අලුත්ම දෙමළ චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන CineSubz අපි අදත් ආවා. 2025 දෙසැම්බර් 19 වැනිදා නිකුත් වුණ මේක ත්‍රාසය පිරුණු කතාවක් බලන්න ආස අයට හොඳම තේරීමක් වෙයි.
“සායවනම් (Saayavanam)” 2025 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අනිල් (Anil) විසින්. විජු රාමචන්ද්‍රන් (Viju Ramachandran) මෙහි තිර රචනය සිදු කරලා තියෙනවා. අප්පුකුට්ටි (Appukutty), සන්තෝෂ් දාමෝදරන් (Santhosh Damodaran), ජානකී (Janaki), මැතිව් මම්ප්‍රා (Mathew Mampra), වෙට්‍රිවෙල් රාජා (Vetrivel Raja), දේවානන්දා ෂාජිලාල් (Devananda Shajilal) සහ සෞන්දරරාජා (Soundararaja) මෙහි ප්‍රධාන චරිත රඟපානවා. විනාඩි 120ක් පුරා දිවෙන මේ චිත්‍රපටය survival thriller සහ psychological revenge drama ඝණයට අයිති වෙනවා.
කතාව පැත්තට හැරුනොත් මේක ගෙතෙන්නේ සීතා (Sita) කියන තරුණ බිරිඳ වටා. අලුත විවාහ වුණ ඇය තමන්ගේ සැමියා වෙන මුත්තු (Muthu) එක්ක මීදුමෙන් වැහුණු කඳුකර පළාතක පාලු ගෙදරකට පදිංචියට එනවා. හැබැයි මුත්තු කරන්නේ හොරකම් කරපු රත්තරන් ටිකක් ඒ ගෙදර හංගලා, පොඩි වැඩකට කියලා ගිහින් අවුරුදු ගාණකට අතුරුදන් වෙන එකයි. මේ මහ කැලේ මැද තනිවෙන සීතාට තමන්ගේ ආරක්ෂාව ගැන වගේම කැලේ ඉන්න නරක මිනිස්සුන්ගෙනුත් බේරිලා ඉන්න ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා. මේ අතරේ තුවාල වුණ නාඳුනන මනුස්සයෙක් මේ ගෙදරට එනවත් එක්කම සීතාගේ මේ හුදකලා ජීවිතේ සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා.
තුවාල වෙලා ආපු මේ නාඳුනන මනුස්සයා ඇත්තටම කවුද? මේ භයානක මිනිස්සු මැද තනිවුණ සීතා තමන්ගේ ජීවිතේ බේරගන්නේ කොහොමද?
ත්‍රාසය සහ කුතුහලය පිරුණු කතා බලන්න කැමති හැමෝටම සිංහල උපසිරැසියත් එක්ක මේක බලන්න කියලා අපි ආරාධනා කරනවා.

Comments