Cast
Go Full Cast Pageවීසා ගන්න බොරු කසාදයක්.
ආයුබෝවන් හැමෝටම, අද CineSubz අපි ආවේ අලුත්ම දෙමළ ෆිල්ම් එකකට උපසිරැසි අරගෙනයි.
2026 අවුරුද්දෙ නිකුත් වුණු මේ ෆිල්ම් එක ආදරය වගේම පවුලේ බැඳීම් ගැන කියවෙන ලස්සන කතාවක් නිසා අනිවාර්යයෙන්ම බලන්න වටිනවා.
“සඳකාරි (Sandakari)” (2026) විදියට නම් කරලා තියෙන මේ ෆිල්ම් එක අධ්යක්ෂණය වගේම තිර රචනය කරන්නේ ආර්. මදේශ් (R. Madhesh) විසින්. අශ්වානි චොප්රා (Ashwani Chopra), ශ්රියා සරන් (Shriya Saran), මරියා ලූස් ට්රෙම්සාල් (María Luz Tremsal) එක්ක විමල් (Vimal) මෙහි ප්රධාන චරිත රඟපානවා. විනාඩි 141ක් පුරා දුවන මේ ෆිල්ම් එක Drama ගණයට අයිති වෙනවා.
කතාව පැත්තට හැරුනොත්… වෙට්රි (Vetri) කියන්නේ තමන්ගෙම ඇප් එකක් හදන්න හීන දකින, ලන්ඩන් වල රස්සාවකට යන ගමේ තරුණයෙක්. එයාට වැඩ කරන්න වෙන්නේ මායා (Maya) කියන හරිම සැර, නපුරු බොස් කෙනෙක් යටතේ. මේ අතරෙදි වීසා ප්රශ්නයක් නිසා මායාව ආපහු රටින් පිටුවහල් කරන්න නීතියෙන් තීරණය කරනවා. තමන්ගේ රස්සාවයි ලන්ඩන් වල තැනයි බේරගන්න ඕන නිසා, මායා වෙට්රිව බ්ලැක්මේල් කරලා එයා එක්ක බොරු කසාදයක් කරගන්නවා. මේ කසාදෙ ඇත්තක් කියලා පෙන්නන්න මේ දෙන්නට වෙට්රිගේ ගමට යන්න සිද්ධ වෙනවා.
වෙට්රිගේ පවුලේ අයට මේ බොරුව මාට්ටු වෙයිද? නපුරු මායා ගමේ පරිසරයට කොහොම හැඩ ගැහෙයිද?
ආදරය, හිනාව පිරුණු කතා වලට කැමති අයට මේක නියම ෆිල්ම් එකක් නිසා සිංහල උපසිරැසි එක්කම මේක බලන්න කියලා අපි ආරාධනා කරනවා.



