EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

සුනඛ ශාපය

ඔන්න එහෙනම් මම අද අරගෙන ආවා සුපිරියක්..ෂර්ලොක් හෝම්ස් පොත් හැමෝම කියවලා තියෙනවනේ..ඉතින් මේ ෆිල්ම් එකේ යන්නේ සුනඛ ශාපය කතාව..හැබැයි අළුත්ම මුහුණුවරකින්..මම හිතනවා හැමෝම ඒ පොත කියවලා ඇති කියලා..ඒක හින්දා මම කතාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ පොඩි විස්තරයක් කියන්නම්..
ෂර්ලොක් හෝම්ස් ළගට පරීක්ෂණයක් භාර වෙනවා ඒ තමයි බැස්කවිල් කියලා මන්දිරයක් තියෙනවා ඒකේ අයිතිකාරයෝ හැමෝම අත්භූත හොල්මන් බල්ලෙක්ගේ ප්‍රහාරයට ලක් වෙලා මිය යනවා..ඉතින් මේකේ ඇත්ත නැත්ත හොයන්න ෂර්ලොක් හෝම්ස්ට භාර වෙනවා..ඉතින් මේ අභිරහස විසදන හැටි බලන්න හැමෝම ෆිල්ම් එක අරගෙන බලන්න..කාලෙකින් ආපු සුපිරි ෆිල්ම් එකක්..මම නම් ගොඩක් රස වින්දා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Comments