Cast
Go Full Cast Pageපිහි තුනේ අභිරහස!
සුබ දවසක් වේවා. ඇක්ෂන් සහ ත්රිලර් සිනමාවට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම 2026 අවුරුද්දේ තිරගත වුණු සර්දාර් 2 චිත්රපටය සඳහා සිංහල උපසිරැසි අරගෙන ආවා. PS මිත්රන්ගේ සුපිරි අධ්යක්ෂණයෙන් වගේම කාර්ති, අශිකා රංගනාත් සහ රජිෂා විජයන් ඇතුළු දක්ෂ නළු නිළි කැලකගේ රංගනයෙන් හැඩවුණු මේ නිර්මාණය IMDB දර්ශකයේ 5.8 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. පළවෙනි කොටස බලපු හැමෝම මඟ බලාගෙන හිටපු මේ සුපිරි ඇක්ෂන් ෆිල්ම් එක තවත් හොඳ කතාවක් වෙනවා නිසැකයි.
මේ කතාව ගෙතෙන්නේ මුළු රටම ලොකු විනාශයකට ඇදලා දාන්න හදන ඩොකු කියන භයානක ජෛව ආයුධයක් වටා. ඉන්දියානු ඔත්තු සේවා ඉතිහාසයේ ලොකු රහසක් වුණු මේ මාරාන්තික ආයුධය ක්රියාත්මක කරන්න අවශ්ය යතුරු සොයා බ්ලැක් ඩැගර් කියන කුලී හේවා කණ්ඩායම දඩයම ආරම්භ කරනවා. ඔවුන් මේ හරහා මුළු රටේම ජනතාව මහා වසංගතයකට ගොදුරු කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් තමන්ගේ අතීතයේ වරදකාරී හැඟීමෙන් පීඩා විඳින සර්දාර් සහ ඔහුගේ පුතා වෙන විජි මේ මහා විනාශය නවත්තන්න තමන්ගේ ජීවිත පරදුවට තබා සටන් වදින හැටි ඔයාලට මේ කතාවෙන් බලාගන්න පුළුවන්.
එහෙනම් Cinesubz.lk අඩවියට ගිහින් සිංහල උපසිරැසි සහිත වීඩියෝව ඩවුන්ලෝඩ් කරගෙන මේ සුපිරි චිත්රපටය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.





