EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

There Are No Rights And Wrongs, Only Power - Sarkar.

Sarkar (2005) කියන්නේ මුම්බායි නගරයේ බලවත් පුද්ගලයෙකු වන සුභාෂ් නාග්රේ (Sarkar) ගැන කතාවක්. ජනතාව ඔහුව ගරු කරන අතර, බොහෝ අය ගැටලු විසඳගන්නත් ඔහු ළඟට එනවා. ඔහු හැම වෙලාවෙම නීතියට වඩා තමන් හරි කියලා හිතන යුක්තිය අනුව තීරණ ගන්න චරිතයක්. කතාව පවුල, බලය, දේශපාලනය සහ විශ්වාසය වටා ගොඩනැඟෙනවා.
මේ චිත්‍රපටය The Godfather වෙතින් ආභාෂය ලැබුවත්, එය සම්පූර්ණයෙන්ම ඉන්දියානු දේශපාලන හා සමාජ පසුබිමකට ගැළපෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේක Sarkar චිත්‍රපට මාලාවේ පළමු කොටසයි.
ඔබට ගැඹුරු කතා, ශක්තිමත් චරිත, බලය සහ දේශපාලනය ගැන චිත්‍රපට බලන්න කැමති නම්, Sarkar (2005) හොඳ තේරීමක්. මේක ඇක්ෂන් එකට වඩා කතාව සහ චරිතවලට වැඩි අවධානය දෙන චිත්‍රපටයක්.

Comments