EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageරූපවාහිනියෙන් පැමිණි මාරයා
කොහොමද යාලුවනේ! මම අද අරගෙන ආවේ ලෝක ප්‍රසිද්ධ Scary Movie චිත්‍රපට මාලාවේ තුන්වෙනි කොටස වන “Scary Movie 3 ” චිත්‍රපටයයි. මේ චිත්‍රපටය ආතල් එකේ මුල ඉදන් අගටම එක දිගට බලන්න පුලුවන්.
චිත්‍රපටය ගැන කෙටියෙන් කිව්වොත් කලින් චිත්‍රපට කොටස් දෙක වගේම මේ චිත්‍රපටයත් හාස්‍යය/විනෝදය උපරිමයෙන්ම පිරුණු නිර්මාණයක්. මෙහි විශේෂත්වය තමයි එවකට ජනප්‍රිය වෙලා තිබුණු The Ring (2002), Signs (2002), The Matrix Reloaded (2003), 8 Mile (2002) වගේ චිත්‍රපට ගණනාවක් උපහාසයට ලක් කරමින් මේ කතාව නිර්මාණය වෙලා තිබීම. කතාව පටන් ගන්නේ අද්භූත වීඩියෝ පටයක් නැරඹීමෙන් පසු මිය යන තරුණියන් දෙන්නෙක්ගෙන්. ඊට පස්සේ සින්ඩි කැම්බල් මේ මරණ පිටුපස තියෙන රහස හොයාගෙන යන අතරතුර ඇයට මුණගැසෙන අමුතුම චරිත සහ සිදුවීම් මාලාව ඉතාමත් විනෝදජනක විදියට මෙහි ඉදිරිපත් කරලා තියෙනවා. මේ චිත්‍රපටය ගැන තවත් විස්තර කිවුවොත් මේ චිත්‍රපටය IMDb අගය 5.6 ක අගයක් ලබාගෙන තිබනවා. ඒවගේම ඩොලර් මිලියන 48 ක වියදමකින් නිශ්පාදනය වූ මෙම ච්ත්‍රපටය ලොව පුරා ඩොලර් මිලියන 220 ක ආදායමක් හොයා ගන්න සමත් වුනා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ David Zucker යන අධ්‍යක්ෂවරයායි. ප්‍රධාන නළු නිළියන් වශයෙන් Anna Faris, Charlie Sheen, Regina Hall, Anthony Anderson, Leslie Nielsen, Kevin hart ආදී නළු නිළියන් එක් වෙලා තියනවා.











