Cast
Go Full Cast Pageශාපලත් කුමරිය
කලිංග රාජධානිය තිබුණු පරණ ඉඩමක හදලා තියෙන කොලේජ් එකක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. මේ කොලේජ් එකට පිටිපස්සේ තියෙන කැලෑවේ ළිඳක් ඇතුළේ සියවස් ගාණකට කලින් හිරකරපු කුමරියකගේ ආත්මයක් ඉන්නවා. අලුත් අවුරුදු පාටියක් (New Year’s Eve) අස්සේ මේ කොලේජ් එකේ ළමයි අතින් අහම්බෙන් අර ළිඳේ සීල් එක කැඩෙනවා. ඊටපස්සේ මුළු කොලේජ් එකම කණපිට හැරෙමින් කතාවේ හොරර් සහ කොමඩි කෑල්ල පටන් ගන්නවා.
Saneesh Unnikrishnan ගේ අධ්‍යක්ෂණයෙන් 2026 ජූනි 11 වෙනිදා නිකුත් වූ මේ මලයාලම් Comedy, Horror, Mystery සිනමා පටයට IMDb හි 7.5 ක සුපිරි රේටින් එකක් හිමිවී තිබෙනවා. Dhyan Sreenivasan, Althaf Salim, අධ්‍යක්ෂක Saneesh Unnikrishnan, Malavika Menon, Riyaz Khan, Mareena Michael සහ Gowry Nandha ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
භය වෙන ගමන්ම හොඳට හිනාවෙන්න පුළුවන් විදියේ හොරර්-කොමඩි සංකලනයක් තියෙන මේ චිත්‍රපටය, පැය දෙකක් පුරාවටම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් නියම සිනමා නිර්මාණයක්.


