Shanmukha (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ෂන්මුඛ
ආයුබෝවන් ඔයාලා හැමෝටම!
අද අරගෙන ආවේ පැරණි දේවාල, නිධන් සහ අභිරහස් ගැන කියවෙන “Mythological Mystery” චිත්‍රපටවලට ආදරේ කරන අයට නම් මගහරින්නම බැරි වෙනස්ම අත්දැකීමක්. ඒ තමයි 2025 වසරේ තිරගත වුණු “Shanmukha” චිත්‍රපටිය.
මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ Aadi Sai Kumar සහ Avika Gor. Aadi මෙහි දක්වන රංගනය සහ මේ වගේ වෙනස්ම කතා තේමාවක් (Concept) අත්හදා බලන්න ගත්ත උත්සාහය ඇත්තටම අගය කරන්න ඕන.
කතාව මෙහෙමයි..
පොලිස් නිලධාරියෙක් සහ පර්යේෂණ කරන ශිෂ්‍යාවක් එකතු වෙලා ඝන කැලෑවක හැංගිලා තියෙන පැරණි ඉන්දියානු දේවාලයක අභිරහසක් හොයාගෙන යනවා. පැරණි ලියවිලි සහ ජනප්‍රවාද පස්සේ ගිහින් ඒ අද්භූත දේවාලයේ තියෙන රහස් සහ සැඟවුණු නිධානයක් ගැන හොයාගන්න එක තමයි මෙයාලගේ අරමුණ.
මෙයාලා මේ අභිරහස පස්සේ හාරන්න හාරන්න මතු වෙන්නේ බලාපොරොත්තු නොවුණු දේවල්. කතාව ඉස්සරහට යද්දී මතුවෙන විවිධ චරිත සහ සිදුවීම් එක්ක මේ අභිරහස තවත් සංකීර්ණ වෙනවා.
අවසානයේදී මේ දේවාලයේ සැඟවුණු අභිරහස විසඳගන්න එයාලට පුළුවන් වෙයිද? ඇත්තටම ඒ නිධානය පිටිපස්සේ තියෙන ලොකුම රහස මොකක්ද?
මේ හැමදේටම උත්තර දැනගන්න නම්, මේ පුරාවෘත්ත හා බැඳුණු අභිරහස් සිනමා නිර්මාණය බලන්නම වෙනවා. කතාවේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා සමහරු කිව්වත්, මේකේ තියෙන කුතුහලය දනවන මූලික කතා තේමාව (Concept) නිසාම, දේවාල සහ පැරණි අභිරහස් හොයාගෙන යන කතාවලට ආදරේ කරන අයට මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා අපි ආරාධනා කරනවා.
අනිත් අය කියන දේවල් අහලා මගහැරගන්නේ නැතුව, ඔයාලම බලලා තීරණය කරන්නකෝ.


