මෝර භීතිකාව

2025 අවුරුද්දෙ නිකුත් වුණ horror/ thriller චිත්‍රපටයක් වුණ Shark terror චිත්‍රපටය තමයි අද ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නෙ.

කතාව ගැන කෙටි හැඳින්වීමක් කළොත්,
මුහුදේ ගමන් කරන එක්තරා නැවක සිදුවන අනතුරක් තමයි මේ කතාවට මූලික වෙන්නෙ. මේ නැවේ වැඩට එන අලුත් සේවකයො කිහිපදෙනෙක් එක මගියෙක්ගෙ කාමරයකට ගිහින් මංකොල්ල කන්න ලෑස්ති වෙනවා. නමුත් මෙයාලට මේ වැඩේ කරගන්න බැරි වෙනවා. මොකද මේ කාමරේ ඉන්න තරුණ ගෑණු ළමයා මේ හොරකම සිද්ධ වෙන අතරෙ මෙතට එනවා. ඊට පස්සෙ මේ හොරු ටික කරන්නෙ ඒ ගෑණු ළමයා පස්සෙ පන්නන එක. කොහොමහරි නැව් තට්ටුවේ සිද්ධ වෙන පොර බැදීමකදි මේ කෙල්ලයි තවත් හොරු දෙන්නෙකුයි නැවෙන් මුහුදට වැටෙනවා. මේ ගැන නොදැන නැවේ කපිතානුත් නැව හැතැක්ම ගාණක් ඉදිරියට අරගෙන යනවා.

ඇත්තටම මේ මුහුද තනිකරම මෝර විමානයක්. මේ කට්ටියට මිනී කන මෝරුන්ගෙන් බේරිලා ආපහු එන්න පුලුවන් වෙයිද? නැවෙන් මෙයාල නැතිවුණා කියල දැනගනියිද? ඒ ගැන දැනගන්න නම් මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

Comments