EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Shazam! Fury of the Gods (2023) | “දෙවියන්ගේ කෝපය”

 

Shazam බිහිවෙන්නේ සුපර්මෑන්ගේ කොපියක් විදිහට කීවොත් ඔයාලා විස්වාස කරනවද? ඔව් ඒක තමයි ඇත්ත. කොමික් ලෝකයේ මුලින්ම බිහිවුණු කොමික් චරිතය විදියට සලකන්නේ සුපර්මෑන්. ඒකාලේ සුපර්මෑන්ට අසීමිත ප්‍රේක්ශක ප්‍රතිචාර තිබුණා. ඒකාලේ National Comics වුණ වර්තමාන DC Comics සුපර්මෑන් චරිතය නිර්මාණය කරද්දි, Fawcett Comic කියලා ආයතනයක් සුපර්මෑන්ට හුගාක් දුරට සමාන කොමික් චරිතයක් නිර්මාණය කරනවා. 1940 දී Captain Thunder කියන නමින් තමයි ඒ චරිතය එළි දක්වන්නේ. පස්සේ Captian Thunder කියන නම Captain Marvelous වෙලා කාලෙකින් ඒක Captain Marvel බවට පත්වෙනවා. කොහොමහරි Captain Marvel චරිතය කොච්චර සුපර්මෑන්ට සමානව නිර්මාණය කරාද කියනවා නම් DC Comic ආයතනය විසින් Captain Marvel චරිතය නිර්මාණය කල Fawcett Comic ආයතනයට විරුද්ධව 1941 දී නඩු පවරනවා. එයාලගේ බුද්ධිමය දේපළ අනවසර‍ෙයන් උපුටා ගත්තා කියලා. නඩුව ඔහොම ඇදිලා යද්දී Captain Marvel කියන කොමික් චරිතය නවත්තලා දාලා කාලය සෑහෙන කාලයක් ගියාට පස්සේ, 1972 දී DC Comic ආයතනය විසින් Captain Marvel කොමික් චරිතයේ සියලු අයිතීන් ඔවුන්ගේ ආයතනයට පවරගන්නවා. හැබැයි මේ කාලේ වෙද්දි Marvel ආයතනය බිහිවෙලා. Marvel කියන නමින් එයාලගෙම කොමික් කතා නිකුත් වෙමින් තිබුණා. මේ නිසා DC Comic ආයතනයට Captain Marvel කියන නම පාවිච්චි කරන එක අවුලක් වුණා. අන්තිමේදි DC Comic ආයතනය සෑහෙන්න කල්පනා කරලා, Captain Marvel කියන නම Shazam කියලා නිළ වශයෙන් වෙනස් කරනවා.

ඔන්න ඔහොම තමයි ඔරිජිනල් Captain Marvel චරිතය Shazam බවට පත්වුණේ. ෆිල්ම් එක ඇතුලෙත් මේ Captain Marvel කියන නම පාවිච්චි කරලා ඒ අතීතය මතක් කරනවා එක තැනකදී. නම වෙනස් කරපු වාසිය ගත්ත Marvel ආයතනය Captain Marvel කියලා වෙනම කාන්තා වීරවරියක් නිර්මාණය කළා. ඒ චරිතේ ඔයාලා දන්නවනේ. ඒකෙත් ෆිල්ම් එකක් ආවනේ 2019ද කොහෙද.

 

 

 

Shazam කියන නම හැදිලා තියෙන්නේ බලවත් දෙවිවරු 6 දෙනෙක්ගේ නම් වල මුලකුරු වලින්. Shazamගේ බලයන් ලැබිලා තියෙන්නේ ඒ දෙවිවරුන්ගෙන්.

S – Soloman
H – Hercules
A – Atlas
Z – Zeus
A – Achilles
M – Mercury

මං හිතන්නේ ඔය Shazam ගැන කීව ටික හොඳටම ඇති අවබෝධයක් ගන්න.

දැන් අපි ෆිල්ම් එක පැත්තට එමු. ඔයාලා Shazam පළවෙනි ෆිල්ම් එක බැලුවා නම් මතක ඇතිනේ Shazam අන්තිමට එයාගේ සෙට් එකටම එයාගේ බලයන් දුන්නා කියලා. ඔන්න Shazam 2 එකේදී ඒ සෙට් එකේම වැඩ බලන්න පුළුවන්.

 

 

 

ඇන්තියා,කැලිප්සෝ,හෙස්පෙරා (වමේ සිට)

 

එයාලා මොකටද එන්නේ කියලා දැනගන්න ෆිල්ම් එකම බලන්න. මොකද මෙහෙම කියලා වැඩක් නෑ. ෆිල්ම් එකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා.තව ෆිල්ම් එකේදී ඔයාලට මකරෙක්ව දකින්න ලැබෙනවා.ඒ තමයි ලේඩන්..

ලේඩන් / ලෝක-ගිලගන්නා

 

 

ෆිල්ම් එක නම් ආතල් එකේ බලන්න පුළුවන් Enjoyable ෆිල්ම් එකක්. පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් ෆිල්ම් එකක්. කොමඩිත් එක්ක පිළිවෙලකට ගලාගෙන යනවා. ෆිල්ම් එක ඇතුලේ ලස්සනට WBලගේ ප්රසිද්ධ ෆිල්ම් ටිකක් චරිත ටිකක් ගැන කියවෙනවා. ප්රධානවම DC වීර චරිත කීපයක්. ස්පයිඩර්මෑන් ටත් පොඩි හින්ට් එකක් දෙනවා එක තැනක. අහ් කියන්න අමතක වුණා, ප්රධාන DC වීර චරිතයක් ෆිල්ම් එකේ පොඩි කොටසකට ඉන්නවා. ෆිල්ම් එක බලලාම ඒක දැනගන්නකෝ. ෆිල්ම් එක ඉවරවෙලා අන්තිමට වෙනම සීන් දෙකක් තියෙනවා ඒවත් මඟාරින්නැතුව බලන්න. Shazamගේ අනාගතය ගැන ඉඟි ටිකක් ලැබෙනවා. 

 

 

 

 

 

 

 

Comments

April 21, 2023

Shazam 1 dennako

April 28, 2023

Shazam ta wada black Adam powerful neda

June 2, 2023

me link akata yannabana

    Cinesubz June 3, 2023

    Downlaod Link wala awulk na aye balanna podk