Shipwrecked: Nightmare at Sea (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Chiara Messineo
Year:2026
Subtitle By: සිනෙරු කණ්ඩායම (Cineru.lk)
Cast
Go Full Cast Pageනැව් ගමනේ බිහිසුණු මතක
Survival Thriller කතාවලට, එහෙමත් නැත්නම් සොබාදහමත් එක්ක තනිවෙලා ජීවිතේ බේරගන්න කරන සටනක් ගැන කියවෙන කතාවලට ආස අයට මේක සුපිරිම අත්දැකීමක් වෙයි. හිතන්නකො මහ මුහුද මැදදී ඔයා යන නැව බිහිසුණු අනතුරකට පත් වෙලා ගිලෙනවා. ඊටපස්සේ බේරෙන කීපදෙනෙක්ට කෑම බීම නැතුව, අව්ව වැස්ස එක්ක, ඒ මදිවට මුහුදේ ඉන්න දරුණු සත්තුන්ගෙනුත් බේරිලා කොහොමද ජීවත් වෙන්නේ කියලා. අන්න ඒ වගේ බිහිසුණු අත්දැකීමක් තමයි Shipwrecked: Nightmare At Sea එකෙන් අරන් එන්නේ. මිනිස්සුන්ට බඩගින්න, පිපාසය දැනෙද්දී එයාලගේ හැසිරීම් කොහොමද වෙනස් වෙන්නේ කියන මනෝවිද්‍යාත්මක පැත්තත් මේකෙ හොඳට පෙන්නනවා. බය, ත්‍රාසය සහ ඊළඟට කොහොම හරි මේ ගොඩට යන්න පුළුවන් වෙයිද කියන කුතුහලය උපරිමයෙන්ම තියෙනවා. හිත හිරිවැටෙන විදිහේ අත්දැකීමක් ගන්න පුළුවන් කතාවක්.











