Cast
Go Full Cast Pageශාපලත් රන්ආකරය
අධ්‍යක්ෂක සිංගීතම් ශ්‍රීනිවාස් රාඕ විසින් අධ්‍යක්ෂණය කරපු “Sing Geetham (2026)” චිත්‍රපටිය ජූනි 12, 2026 වෙනිදා තිරගත වුණා. තෙළිඟු චිත්‍රපටියක්.
මේ චිත්‍රපටයේ එන කුබේරපුරම් කියන්නේ රත්තරන් වලින් පිරුණු ගමක්. ඒ ගමට තමයි ප්‍රතාප් – අයාන් එන්නේ. ආපු පළවෙනි දවසෙම ගමේ තියෙන කාන්තාර වගේ ඉඩමක තනියම තියෙන ගහකට ආදරේ කරන ගෞරි එක්ක එයා රණ්ඩු වෙනවා
ඒ අතරේ පැරණි පතල වහලා තිබියදී, අලුත් පතලක් හදලා නයිජීරියානු ව්‍යාපාරිකයෙක් එක්ක ගිවිසුමක් හදන්න රේණු උත්සාහ කරනවා. ඒත් ඒ ව්‍යාපාරිකයා කියන්නේ “තව Partner කෙනෙක් හෝ උරුමක්කාරයෙක් ආවොත් විතරයි ගිවිසුම් අත්සන් කරන්නේ” කියලා.
ඒ වෙලාවෙම තමන්ගේ තාත්තාටත් ඒ රත්තරන් පතලේ කොටසක් තියෙනවා කියලා කියලා ප්‍රතාප් එතනට එනවා. ඒත් එයා ලොකු ඇත්තක් කියනවා – “දැන් තියෙන පතලේ රත්තරන් නෑ” කියලා. ඊට පස්සේ ගෞරි ආදරේ කරන ගහ තියෙන තැනේ තමයි ඇත්තටම රත්තරන් තියෙන්නේ කියලා දැනගෙන, ඒ ගහ මුලිනුපුටා කපලා දානවා.
ඒකෙන් හිත රිදිලා, දුකෙන් ඉන්න ගෞරි කන්ද උඩ තියෙන දෙයියන්ට කියන්න යනවා. එහෙදි එයා ගුහාවකට වැටෙනවා. ඒ ගුහාව ඇතුලේ එයා ගමේ මිනිස්සුන්ට සාප කරනවා වගේ දෙයක් කියනවා. පස්සේ එයාව බේරගන්නවා. ඒත් එතන ඉඳන් ගමේ හැමෝම කතා කලත්, කතා කරන හැම දෙයක්ම ගීතයක් විදියට, රාගයක් එක්ක විතරයි පිටවෙන්නේ.
මේකෙන් බය වුණු ගමේ මිනිස්සු මේක කොහොමද වුණේ කියලා හොයාගත්තද? ඒ සාපය කොහොමද නැති වුණේ? ඒක තමයි චිත්‍රපටියේ ඉතිරි කතාවෙන් කියන්නේ
මේ චිත්‍රපටියේ විශේෂම දේ තමයි අවුරුදු 94ක් වයසැති සිංගීතම් ශ්‍රීනිවාස් රාඕ මහත්මයා කරපු අලුත් වැඩේ. එයා චරිත වල සාමාන්‍ය කතාව පවා ගීත සහ සංගීතය විදියට හදලා තියෙනවා. ඒ නිසා බලන කෙනාට සම්පූර්ණයෙන්ම අලුත් අත්දැකීමක් ලැබෙනවා.
චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට අයාන්, අහිල්‍යා බම්රු, සහ ෂාලිනි කොණ්ඩෙපුඩි රංගනයෙන් දායක වෙනවා. සංගීතය කරලා තියෙන්නේ දේවි ශ්‍රී ප්‍රසාද්. එයාගේ සංගීතය කතාවට ගොඩක් ශක්තියක් වෙලා තියෙනවා.
සමස්තයක් විදියට බලනකොට, සාමාන්‍ය Commercial චිත්‍රපටි වලින් අයින් වෙලා, ගම්බද සංගීත කතාවක් විදියට අලුත් දෙයක් බලන්න කැමති අයට නම් මේක හරිම සුපිරි අත්දැකීමක් වෙයි.











