Cast
Go Full Cast Pageආදරය වෙනුවෙන් පාතාලයට
සුබ දවසක් වේවා. ඇක්ෂන් සහ ඉමෝෂනල් ශානරයට අයත් තෙළිඟු චිත්‍රපටයක් සඳහා තමයි අද උපසිරැසි අරන් ආවේ. IMDB දර්ශකයේත් 8.9 වගේ ඉහළම අගයක් ගන්න සමත්වුණ මෙහි බාලු චරන්, කාජල් තිවාරි සහ ගගනා ගීතිකා ප්‍රධාන චරිත විදියට එකතු වන අතර, මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ද නර්තු චිරන්ජීවි විසිනි. කතාව පැත්තට හැරුණොත් කාර්ති කියන්නේ තමන්ගේ බිරිඳටයි දුවටයි පණ වගේ ආදරය කරන සාමාන්‍ය මනුස්සයෙක්. හැබැයි එකපාරටම සිද්ධ වෙන දරුණු අනතුරක් නිසා දුවගේ ජීවිතය බේරගන්න විශාල මුදලක් හදිසියේම අවශ්‍ය වෙනවා. කිසිම පිහිටක් නැති තැන කාර්ති උදව් ඉල්ලලා යන්නේ වම්සි කියන කූට ව්‍යාපාරිකයා ළඟටයි. හැබැයි වම්සි සල්ලි දෙන්න එකඟ වෙන්නේ කාර්තිගේ මුළු ජීවිතයම කඩාවට්ටන අතිශය සාහසික කොන්දේසියක් උඩයි. පවුලේ සතුට බේරගන්න බිරිඳ කරන ලොකු කැපකිරීමක් එක්ක මුළු කතාවම වෙනස්ම පැත්තකට හැරෙනවා. ඊටපස්සේ පාතාල ලෝකයට එකතු වෙන කාර්තිගේ ඊළඟ පියවර මොකක් වෙයිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.
එසේනම් සිංහල උපසිරැසි සහිත වීඩියෝව දැන්ම Cinesubz.lk වෙත පිවිසිලා ඩවුන්ලෝඩ් කරගෙන නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ජයවේවා!

