Cast
Go Full Cast Pageඅද අරන් ආවේ මලයාලම් චිත්‍රපටියක්. මේ කතාව ගැන කිව්වොත් තියෝ කියන්නේ අම්මා තාත්තා නොමැතිව තනිවම ගෙදරක වාසය කරන පිරිමි ළමයෙක්. ගමේ අය මේ කොල්ලාට කියන්නේ මෙන්ටල් කියලා. මොකද මේ කෙනා තනියම කතා කරනවා දකින නිසා. ඇත්තටම තියෝ තනියම කතා කරනවා නෙමෙයි තියෝට මැරුණ අයව පේනවා. කොහොම හරි මෙහෙම අයිනක් ගහලා ඉන්න තියෝගේ ජිවිතේ සම්පුර්ණයෙන් වෙනස් වෙන්නේ එයාට අහම්බෙන් හම්බවෙන මිය ගිය පුද්ගලයන් කිහිප දෙනෙක් නිසා. මේ හැමෝම තියෝ තමන්ගේ නිවසට රැගෙන යනවා. එයාලාව පවුලක් කරගන්නවා. තියෝට ජිවත්ව ඉන්න කිසිම කෙනෙක් හොදින් කතා නොකලත් මේ මැරුණට පස්සේ එන අය තියෝට තමන්ගේ අය වගේ සලකනවා. ජිවත්ව ඉන්න අයට බය නිසා තියෝ හිතනවා තමන්ගේ පෙම්වතියත් මැරුණ කෙනෙක් උනා නම් හොදයි කියලා. ඉතින් තියෝ හා මේ කට්ටිය කරන්නේ තරුණ වයසින් මැරුන ගැණු ළමයි ඉන්නවාද කියලා හොය හොය යන එක…. මෙහෙම කතාව ඇහුවාම ඔයාලට ටිකක් කොමඩි පැත්තට බර චිත්‍රපටියක් වගේ දැනුනාට මුල් පැයින් පස්සේ නම් කතාව සැහෙන සංවේදි පැත්තකට අරන් යනවා…
Arunlal Ramachandran විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Mathew Thomas,Jagadish හා Devika Sanjay ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා…
මං අර කිව්වා වගේම ටිකක් විනෝදනේ බලන්න වගේම දෙයක් හිතන්න කැමැති චිත්‍රපටියක් බලන්න හිතනවා නම් මේක හොද චිත්‍රපටියක් වේවි. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔබට සුභ දවසක්.











