මග හැරුණු ඉරිදාව…

රාජ්වීර්( Ajay Devgan)කියන්නෙ උසස් නිළයක් දරණ පොලිස් නිළධාරියෙක්.හැබැයි මෙයා,මෙයා රඟපාන අනිත් ෆිල්ම් වල වගේ ඉන්න අවංක,වීර පොලිස් කාරයෙක් නම් නෙමෙයි.ටිකක් පගාව ගන්නවා.සේහර්( Ayesha Takiya)කියන්නෙ කාටූන් හඬකැවීම් ශිල්පිනියක්.සේහර්ට ඉන්නවා රිතූ කියල යාළුවෙක්.දවසක්දා රිතූ සේහර්වත් එක්කන් රෑ ඩිස්කො එකකට යනවා.එදායින් පස්සෙ සේහර්ගෙ ජීවිතේ උඩුයටිකුරු වෙනවා.ඒ රැයින් පස්සෙ උදාවෙන අනිත් දවසෙ ඉඳන් සේහර්ට මූණ දෙන්නෙ වෙන්නෙ අමුතු අමුතු අත්දැකීම් වලට.කවදාවත් දැකපු නැති ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් සේහර්ගෙන් සල්ලි ඉල්ලන් පස්සෙන් එනවා.තව මැරයො ටිකක් ඇය මරන්න පස්සෙන් පන්නනවා.මේ අතරෙ ඇයට රාජ්වීර් හමුවෙනවා.මේ සිද්දවෙන දේවල් වල අග මුල හොයාගන්න රාජ්වීර් ඇයට උදව් වෙනවා.ඒ වගේම රාජ්වීර් සේහර්ට ආදරේ කරන්න පටන් ගන්නවා.
ටැක්සි ඩ්‍රයිවර්,එයාගෙ යාළුවා,මැරයෝ මේ කට්ටියත් එක්ක තවත් අභිරහස් මරණ දෙකක් එකට හමුවෙනවාඑකම එක දවසක…ඒ තමයි ඉරිදා…. මොකක්ද මේ දවසෙ තියෙන විශේෂත්වය..?එදා රෑ ඩිස්කො එකට ගියාට පස්සෙ සේහර්ට මොකද වුණේ..?සේහර් රාජ්වීර්ට කැමති වෙයිද..?එහෙනම් ඔයාල ෆිල්ම් එක බලලම ඒ ටික දැනගන්නකෝ.

Comments