Cast
Go Full Cast Page.ආයුබෝවන් හැමෝටම! 🙏අද cinesubz.lk වෙතින් අපි අරගෙන ආවේ රියෝ රාජ් සහ ගෝපිකා රමේෂ් රංගනයෙන් දායක වෙන Sweetheart කියන ලස්සන දෙමළ ආදර හාස්‍ය චිත්‍රපටයට සිංහල උපසිරැසි.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ස්විනීත් එස්. සුකුමාර්. සංගීතයයි නිෂ්පාදනයයි දෙකම කරලා තියෙන්නේ අපේ හැමෝගෙම කැමති යුවන් ශංකර් රාජා. ඉතින් music එක නිසාම මේ ෆිල්ම් එක තවත් විශේෂ වෙනවා.ඊට අමතරව මේකේ රෙන්ජි පැනිකර්, රෙඩින් කිංග්ස්ලි, අරුණාචලේෂ්වරන්.පී.ඒ සහ ෆවුසී වගේ දක්ෂ නළු නිළියන් පිරිසකුත් රඟපානවා. කැමරා වැඩේ බාලාජි සුබ්‍රමනියම්ගෙන්, සංස්කරණය තමිල් අරසන්ගෙන්.Sweetheart චිත්‍රපටය තිරගත වුනේ 2025 මාර්තු 14 වෙනිදා. ආදරයයි හාස්‍යයයි අලුත් විදියකට ගේන මේ චිත්‍රපටයේ කතාවයි, යුවන්ගේ සංගීතයයි නම් අනිවාර්යයෙන්ම ඔයාලා බලන්නම ඕන.එහෙනම් කතාව 😍 අපි දැන් කතාව පැත්තට යමුකෝ දක්ෂ animator කෙනෙක් වන Vasu ගේ අතීතය ටිකක් සංකීර්ණයි. මෙයා තමන්ගේ සහකාරිය Manu තමන් ගැබිනියක් බව්ට පස්සේ, වාසුට මේ වගකීම භාරගන්න වෙනවා ඉතින් තමන්ගේ භය හැඟීම් එක්ක පොරබදිමින් මේ වගකීම භාරගන්න පැකිලෙන ආකාරය තමයි මේ චිත්ර්රපටයෙන් ලස්සනට පෙළගස්වලා තියෙන්නේ දෙමව්පියන් වෙන්වීම නිසා විවාහය සහ පවුල් ජීවිතය ගැන විශ්වාසයක් නැති කෙනෙක් තමයි වාසු. තාත්තා සහ සීය හරිම ආධිපත්‍යවාදී අය වුනත්, පවුල් ක්රමයේ වටිනාකම තේරුම් අරන් හැදුණු කෙනෙක් තමයි මනෝ. ආදරේට වැටෙන මේ දෙන්නා පසුව ‘Break-up’ කතා කරලා වෙන් වෙනවා. ඒත් දවස් කිහිපයකින් මනෝ ගැබ්ගෙන ඇති බව තහවුරු වෙනවා. ඒක ඉවත් කරගන්න කියලා වාසු බල කරනවා. මනෝ ඒකට එකඟ වුනාද නැද්ද කියන එක තමයි කතාවේ ඉතිරියෙන් පෙන්වන්නේ
නවක අධ්‍යක්ෂක Swineeth S. Sukumar, නව පරම්පරාවේ ආදරයේ තියෙන අභ්‍යන්තර ගැටළු, පවුල, දරුවා වගේ වගකීම් පැත්තක දාන මානසිකත්වය, විවාහයට කලින් ලිංගික සබඳතා, ඒ නිසා ඇතිවන ගැබ් ගැනීම හසුරුවන ආකාරය වගේ දේවල් චරිත වල ජීවිතේ වෙන සිදුවීම් හරහා අපිත් එක්ක ගැඹුරට කතා කරනවා. විශේෂයෙන්ම ගබ්සා කිරීම් වලට විරුද්ධ මානසිකත්වයක් හදන්න මේ ෆිල්ම් එක සාර්ථක වෙලා තියෙනවා. ගබ්සා කිරීම කියන්නේ කාන්තාවට ශාරීරිකව, මානසිකව ලොකු වේදනාවක් දෙන දෙයක්. ඒක ජීවිතේටත් අනතුරක් වෙන්න පුළුවන් කියන එක තදින් කියලා දෙනවා.
Break-up ආරවුලෙන් පටන් ගන්න මේ ෆිල්ම් එකේ Non-Linear තිර රචනාව ආකර්ෂණීයයි. වාසු සහ මනෝ විදියට රඟපාන අය, වාසුගේ යාළුවා, ආදරවන්තයින්ගේ පවුල් වල අය හැමෝම හොඳ රඟපෑමක් දීලා තියෙනවා. මේ ෆිල්ම් එක ආදරය කරන අය, ආදරය කරපු අය, ආදරය කරන්න යන අය බලනවා නම් ‘ජීවිතයේ හඬ’ දැනෙන්න පුළුවන්. ඒත් එක්කම මේක Yuvan Shankar Raja ගේ music නිසා බලන්න වටින ෆිල්ම් එකක් මේක බලලා ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙන යන්න 😍



