EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

තරු කුමරාගේ සිරගෙය

අවුරුදු 16ක් වෙන රයිලි කියන්නේ පාසලේදී නිතරම හිරිහැර වලට ලක්වෙන තනිකමෙන් ඉන්න ගැහැණු ළමයෙක්. එයාගේ එකම සතුට ජනප්‍රිය රොක් ගායකයෙක් වෙන පේටන්ගේ සින්දු අහන එක. දවසක් මේ ගායකයාව ඇත්තටම මුණගැහුණම රයිලිට තේරෙනවා එයා කියන්නේ මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වුණු කෙනෙක් කියලා. ඉතින් මේ ගායකයාව ඒකෙන් මුදවාගන්න හිතාගෙන රයිලි ඔහුව තමන්ගේ කාමරේ ඇතුළේ සිරකරගෙන ඉන්න ගන්න තීරණයත් එක්ක කතාව සම්පූර්ණයෙන්ම වෙනස්ම පැත්තකට පෙරළෙන හැටි අපිට බලාගන්න ලැබෙයි.
Kate Hallett තමයි මෙතනදී රයිලිගේ චරිතයට පණ පොවන්නේ. ඇයත් එක්කම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු ගායකයා විදිහට Herman Tømmeraas විශිෂ්ට රංගනයක නිරත වීම කතාවේ සාර්ථකත්වයට ලොකු හේතුවක්. ඒ වගේම රයිලිගේ තාත්තා විදිහට අපි කවුරුත් දන්න Justin Chatwin ව දැකගන්න ලැබීමත් විශේෂත්වයක්. කතාව පටන් ගත්තු වෙලාවේ ඉඳන්ම ලොකු කුතුහලයක් රඳවාගෙන අවසානය වෙනකම්ම ප්‍රේක්ෂකයාව බැඳලා තියාගන්න මේ රංගන ශිල්පීන්ගේ දායකත්වය ගොඩක් වැදගත් වෙලා තියෙන හැටි පේන්න තියෙනවා.
පැයයි විනාඩි 33ක ධාවන කාලයක් ඇතුළත කිසිම තැනක කම්මැලිකමක් ඇති නොවෙන්න කතාව ගලාගෙන යනවා. විශේෂයෙන්ම මානසිකව ගැටෙන Psychological Thriller වලට ආස අයට මේක අනිවාර්යයෙන්ම වෙනස්ම අත්දැකීමක් ගෙනල්ලා දෙන බව නම් විශ්වාසයි.
නැහැ, මේක සම්පූර්ණයෙන්ම කල්පිත කතාවක්. හැබැයි 1990 අවුරුද්දේ ආපු ජනප්‍රිය “Misery” චිත්‍රපටයේ ආභාසය මේකට යම්තාක් දුරකට අරගෙන තියෙනවා කියලා අධ්‍යක්ෂවරියම ප්‍රකාශ කරලා තියෙනවා.
ඔහු මේකේ රඟපාන්නේ ප්‍රධාන චරිතය වෙන රයිලිගේ තාත්තා විදිහට. රාජකාරියට කොටු වුණු, දුව ගැන වැඩි අවධානයක් දෙන්නේ නැති පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් තමයි ඔහු නිරූපණය කරන්නේ.

Comments