Tenant (2024) | “අකාලයේ පරවුණු ජීවිත..”

 

ඔන්න එහෙනම් මම අදත් අරගෙන ආවේ Crime/Thriller කාණ්ඩයට අයත් වෙන සුපිරියක්..මේකේ අවසානය නම් මාව ඇත්තටම කම්පනයට පත් කරා..ගොඩක් ලස්සන එක හුස්මට බලන්න පුළුවන් සුපිරියක් කියලා වගකීමෙන් කියනවා..එහෙනම් දැන් අගේ කරා ඇති අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

ගෞතම් කියන කෙනා තමන්ගේ බිරිදව මරලා සූට්කේස් එකක දාගෙන ගිහින් පුච්චනකොට පොලිසියට අහුවෙලා ඔහුව අත්තඩංගුවට ගන්නවා..ඒ වගේම ගෞතම් ජීවත් වෙච්ච ෆ්ලැට් එකේම ජීවත් වෙච්ච රිෂී කියන තරුණයත් ෆ්ලැට් එකෙන් වැටිලා දරුණු තුවාල ලබනවා..ඉතින් මේ දෙන්නාගේ සම්භන්ධය මොකද්ද ???? ඇත්තටම ගෞතම් තමන්ගේ බිරිදව මැරුවද ???? රිෂී සහ ගෞතම් දෙන්නාගේ ඉරණම මේ විදියට විසදුනේ ඇයි කියලා දැන ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා..මොකද මීට වැඩිය විස්තර කරන්න ගියොත් කුතුහලය නැති වෙලා ෆිල්ම් එක බලන අයට ඒක බාධාවක් වෙන්න පුළුවන්..අන්තිමට කියන්න තියෙන්නේ අවසානයේ මම වගේම ඔයාලත් කම්පනයට පත් වෙනවා නොඅනුමානයි..

Comments

September 6, 2024

සබ් ටයිටල් එක හොදයි ඒත් මෙලො රහක් නැති බලපු ජරාම ෆිල්ම්