EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඉතිහාසගත පාවාදීම..

ඔන්න මම අද අරගෙන ආවා තවත් සුපිරියක්..කිසිම කම්මැලිකමක් නැතුව අග ඉදන් මුලටම බලන්න පුළුවන් සුපිරියක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේක ඇවිල්ලා සත්‍ය සිදුවීම් පාදක කරගෙන හදපු පට්ටම කතාවක්.. ප්‍රධාන චරිත කරන්නේ දිනේෂ් සහ කලෙයියරසන් කියන නළුවෝ දෙන්නා. ​කතාව යන්නේ කැලෑබද පළාතක ඉන්න සදායන් සහ මුරුගන් කියන සහෝදරයෝ දෙන්නෙක් වටා. මුරුගන් මුලින්ම Forester (කැලෑ ආරක්ෂක) කෙනෙක් විදිහට වැඩ කරන්නේ. දූෂිත නිලධාරීන් එකතු වෙලා මුරුගන්ව රස්සාවෙන් අයින් කරනවා. ​ඊටපස්සේ තමන්ගේ ආත්මගරුත්වය වෙනුවෙන් මුරුගන් රජයේ අර්ධ මිලිටරි (Paramilitary) හමුදාවකට බැඳෙන්න ඈත පළාතකට යනවා. හැබැයි එහේ ගියාම තමයි මිනිහට තේරෙන්නේ එතන ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා කියලා..ඉතින් ඇත්තටම මේ කදවුර මොකද්ද ???? මේකේ සිද්ද වෙන්නේ මොනවද ???? මේ කදවුර පාලනය කරන්නේ කව්ද ???? මුරුගාට මෙතනින් බේරිලා එන්න පුළුවන් වෙයිද ???? ත්‍රාසය භීතිය කුතුහලය පිරි මේ ෆිල්ම් එක බලලා හැමදේටම උත්තර හොයා ගන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Comments