CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The 100 Candles Game (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe 100 Candles Game (2020) | ඉටිපන්දම් සියයේ අද්භූත සෙල්ලම
හොල්මන් කතා වලට කැමති ඒ ගැන හොයන්න කැමති යාළුවෝ කට්ටියක් පාළු ගෙයක් ඇතුලේ සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලමට කියන්නේ ඉටිපන්දම් 100 සෙල්ලම කියලා. මේකෙදි එයාලා ඉටිපන්දම් 100ක් මැද ඉඳගෙන එක එක්කෙනා තමන් අහලා තියෙන හොල්මන් කතා කියනවා. හැම කතාවක්ම අවසානයෙදි කතාව කිව්ව කෙනා ඒ ළඟම තියෙන කාමරයක් ඇතුලට තනියම ගිහිල්ලා ඒකේ තියෙන කණ්නාඩියෙන් බැලුවම හොල්මනක් පේනවා කියලා මෙයාලා විශ්වාස කරනවා. ඉතිං මෙයාලා මොනවගේ කතා කියයිද? ඇත්තටම හොල්මන් පෙනෙයිද කියලා ඔයාලා චිත්‍රපටය නරඹලම දැනගන්නකෝ. එක් එක්කෙනා වෙනස්ම කතා කියන නිසා මේකෙදි ඔයාලට කතා කොටස් කීපයක්ම බලාගන්නත් පුළුවන්.
The 100 Candles Game චිත්‍රපටය 54%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 4.4ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Thriller / Horror / යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ කතා කීපයක්ම ඇතුලත් වෙන නිසා අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙක් තමයි එක් එක් කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ වැඩිය හුරු පුරුදු නළු නිළි පිරිසක්.



