EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඑඩීට මුණගැසුණු මරණයේ සෙවනැල්ල
කුඩා කාලයේ සිදුවුණු දරුණු මානසික කම්පනයක් නිසා කතා කිරීමේ හැකියාව නැතිවුණු එඩී, තමන්ගේ මවගේ මරණයෙන් පස්සේ ධනවත් පවුලකට අයිති හුදකලා පාසලක මුරකරුවෙක් විදියට රස්සාවට එකතු වෙනවා. එතනදී ඔහුට මාරි කියන තරුණිය හමුවී හොඳ මිත්‍රත්වයක් ගොඩනඟා ගත්තත්, ටික කාලයක් යද්දී මේ පාසල ඇතුළේ හැංගිලා තියෙන අඳුරු රහස් එකින් එක එළියට එන්න පටන් ගන්නවා.
කලින් හිටපු මුරකරුවාගේ අද්භූත මරණය සහ අතුරුදහන් වුණු ශිෂ්‍යාවක් ගැන තොරතුරු මතුවෙද්දී, පාසල පාලනය කරන Aberdeen පවුල කොහොමහරි මේ රහස් වසන් කරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම එඩී සහ මාරි ජීවිතයත් මරණයත් අතර දරුණු සටනකට මැදිවෙනවා.
Luke Tedder ගේ අධ්‍යක්ෂණයෙන් ආපු මේ Horror, Thriller වර්ගයේ චිත්‍රපටයේ නිහඬ එඩීගේ චරිතයට පණ පොවන්නේ Ben Probert විසිනුයි. ඔහු මුළු චිත්‍රපටය පුරාම එකම වචනයක්වත් කතා නොකර තමන්ගේ රංගන කුසලතාවය අපූරුවට පෙන්නුම් කරනවා. Alice Corrigan, Scott Hume ඇතුළු පිරිසක් මෙහි සසුපුරුදු ලෙස රංගනයෙන් දායක වෙනවා.
අද්භූත ආත්මයන් වගේම කෲර මිනිස්සුන්ටත් මුහුණ දෙමින් මේ ප්‍රහේලිකාව විසඳන්න ඔවුන් ගන්න උත්සාහය, කතාවේ මුල ඉඳන් අගටම ලොකු කුතුහලයක් සහ ත්‍රාසයක් ඉතුරු කරනවා.


