EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අභිරහස් සායනයක සිරවුණු මව්වරුන්ගේ මාරාන්තික සටන!

අද මම ඔයාලට අරගෙන ආවේ නියපොතු හපමින්, අන්තිම තත්පරය වෙනකම්ම දැඩි කුතුහලයකින් සහ තිගැස්මකින් බලන්න පුළුවන් සුපිරිම Horror / Thriller ගණයේ සිනමා නිර්මාණයක් ගැන විස්තරයක්. චිත්‍රපටයේ නම තමයි The Clinic (2010).
“Survival” එහෙමත් නැත්නම් ජීවිතය බේරාගැනීමේ සටන් සහ අභිරහස් පිරුණු කතා බලන්න කැමති කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්නම ඕන එකක්.
කතාව ගෙතෙන්නේ 1979 වර්ෂයේදී. කැමරන් සහ බෙත් කියන්නේ ළඟදීම මව්පියන් වෙන්න ඉන්න ආදරණීය යුවළක්. බෙත් ඉන්නේ තමන්ගේ කුසින් මෙලොවට බිහිවෙන්න ඉන්න කිරි කැටියා ගැන දහසක් බලාපොරොත්තු තියාගෙනයි. මේ දෙන්නා තමන්ගේ ගමනක් යද්දී මඟදී සිද්ධ වෙන පොඩි සිදුවීමක් නිසා, අතරමඟ තියෙන පාළු මෝටෙල් එකක නවාතැන් ගන්න තීරණය කරනවා.
නමුත් ඔවුන් දැනගෙන හිටියේ නැහැ තමන් මේ පය තබන්නේ තමන්ගේ ජීවිතයේ දරුණුතම අභියෝගයට කියලා!
රෑ මැද කැමරන් කාමරයෙන් පිටතට යනවා. බෙත්ට ටික වෙලාවකින් ඇහැරෙද්දී ඇය ඉන්නේ මෝටෙල් කාමරේ ඇඳ උඩ නෙවෙයි… අයිස් වගේ සීතල වතුර පිරුණු අත්භූත ටැංකියක් ඇතුළේ! වඩාත්ම භයානක සහ කම්පනීය දේ තමයි, ඇය තමන්ගේ බඩ අතගාලා බලද්දී ඇගේ කුසේ හිටපු දරුවා අතුරුදහන් වෙලා! ඇගේ බඩ ප්‍රදේශය ශල්‍යකර්මයකින් කපලා, දරුවාව කවුරුන් හෝ පැහැරගෙන ගිහින්!
තමන්ගේ දරුණු ශල්‍යකර්ම වේදනාවත්, ලේ කැටියා අහිමි වීමේ දැඩි කම්පනයත් එක්ක බෙත් කොහොමහරි ඒ අඳුරු කාමරයෙන් මිදිලා එළියට පැනගන්නවා. ඇය ඉන්නේ අතහැර දමපු, විශාල රහසිගත සායනයක කියලා ඇයට තේරුම් යනවා.
හැබැයි මේ අවාසනාවට මුහුණ දීලා ඉන්නේ බෙත් විතරක්ම නෙවෙයි. තමන්ගේ දරුවන් අහිමි වුණු, මේ විදිහටම පැහැරගැනීමට ලක්වුණු තවත් අසරණ මව්වරුන් කිහිපදෙනෙක්ම ඒ භූමිය ඇතුළේ අතරමං වෙලා ඉන්නවා.
මේ සායනය ඇතුළේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය මිනිසෙකුට හිතාගන්නවත් බැරි අභියෝගයකටයි. තමන්ගේ දරුවාව බේරගන්න නම් ඔවුන්ට යම්කිසි “ක්‍රීඩාවකට” සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. තමන්ගේ ලේ කිරි කරලා පොවන්න හිටපු දරුවා වෙනුවෙන් මවක් කොයිතරම් දුරකට යාවිද? මේ සායනය පිටුපස ඉන්න අදෘශ්‍යමාන සතුරා කවුද? ඔවුන්ගේ අරමුණ මොකක්ද? මේ සියලුම දෙනාට තමන්ගේ දරුවන් සහ තමන්ගේ ජීවිත බේරාගෙන මෙතනින් පැනගන්න පුළුවන් වෙයිද?
ඉතින් තවත් වැඩි කතා නැතුව සිංහල උපසිරසියත් එක්කම මේ බිහිසුණු, අද්විතීය සිනමා අත්දැකීම විඳගන්න කියල අරාධනා කරනවා.

Comments