Cast
Go Full Cast Pageආයුබෝවන් ඔන්න අද අපි cinesubz.lk වෙතින් අරගෙන “The Comeback” චිත්‍රපටයට සිංහල උපසිරැසි එක්කයි අද ආවේ 🔥The Comeback | Ling Hao Zhui Sha 零号追杀 කියන්නේ 2024 දී නිකුත් වුණු චීන / හොංකොං Action Thriller චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Huo Suiqiang විසින්. චිත්‍රපටය ප්‍රධාන වශයෙන් Mandarin සහ Cantonese භාෂාවලින් සමන්විතයි. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ප්‍රසිද්ධ හොංකොං නළුවන් වන Simon Yam, Andy On, Jiang Peiyao සහ Yuen Wah විසින්. මුලින්ම මේ චිත්‍රපටය චීනයේ iQIYI Cloud Cinema හරහා 2023 ජූලි 21 වෙනිදා ඔන්ලයින් නිකුත් වුණා. ඊට පස්සේ ජාත්‍යන්තරව Well Go USA සමාගම විසින් ඉංග්‍රීසි උපසිරැසි සමඟ 2024 අගෝස්තු 6 වෙනිදා Apple TV සහ Prime Video වැනි Digital තල වලට නිකුත් කරනු ලැබුවා.
### කතාව ගැන
මේ කතාවේ කේන්ද්‍රය වෙන්නේ චැං ෂෙන්ග් කියන වයසක මිනිහෙක්. Simon Yam තමයි මේ චරිතේ කරන්නේ. චැං ෂෙන්ග් දැන් මතකය දුර්වල කෙනෙක්. ඉතින් මෙයා ජීවත් වෙන්නේ මනුල්ලා පැරණි වීදියේ තියෙන ඇන්ටික් බඩු කඩයක වැඩ කරමින් ඒ පරිසරයේ ඉන්න මිනිස්සු එක්ක හරිම සාමකාමී ජීවිතයක් ගතකරනවා
ඒත් එක දවසක් දූෂිත දේපළ ව්‍යාපාරිකයන් පිරිසක් ඒ පැර්ණි වීදියේ නිවාස කඩා දාලා නවීන ගොඩනැගිලි හදන්න මැර කල්ලියක් එවනවා. මැරයන් එතන අහිංසක මිනිස්සුන්ට වධ දෙනකොට චැං ෂෙන්ග් එයාලව බේරගන්න යනවා. ඒ ගමනේදී එයාට දරුණු පහරක් වදිනවා.
ඒ ප්‍රහාරයත් එක්කම අවුරුදු ගාණක් තිස්සේ අමතක වෙලා තිබුන තමන් කවුද කියන රහස් මතකය චැං ෂෙන්ග්ට ආපහු එනවා.ඒක කවුරුත්ම නොදන්න රහසක්. කලින් එයා හිටියේ රජයේ ඉහළම රහසිගත සංවිධානයේ “නැම්බර් 0” කියන දරුණුතම සහ දක්ෂතම ඝාතකයා විදියට.
තමන්ගේ හිතවතුන්වයි එයාලගේ ගෙවලුයි බේරගන්න නම් එයාට ආපහු අවි අතට ගන්න වෙනවා. ඒ අතරේ “නැම්බර් 0” තාම ජීවතුන් අතර කියලා දැනත්තු ගමන් එයාගේ පැරණි සංවිධානය එයාව මරන්න කට්ටියක් එවනවා. ඒ මෙහෙයුම භාරව එන්නේ එයාගේම පැරණි ගෝලයෙක් වන ජී. Andy On තමයි ජී ගේ චරිතේ කරන්නේ. දැන් ජී නවීන ආයුධ සහ දක්ෂ ඝාතකයන් පිරිසක් එක්ක එන ක්‍රූර නායකයෙක්.
ඉතින් මේක සරලවම කිව්වොත් “වයසට ගියත් හිතේ ගින්න නිවෙන්නේ නැති විශ්‍රාමික ඝාතකයෙක්, තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න ආපහු සටනට බහින” පට්ටම Action Thriller එකක්.
Fight scene ටික නම් Hong Kong පරණ action ෆිල්ම් ටික ආයේ ආයෙම මතක් කරනවා. Simon Yam සහ Yuen Wah වයස වුනාට එයාලා තාමත් සටන් කරනවා. වැඩේ බර වැඩියෙන්ම අදින්නේ Andy On සහ තරුණ නළුවෝ ටික.
පරණ Hong Kong action චිත්‍රපටි වලට ආස අයට මේක නම් මග අරින්න බැරි ෆිල්ම් එකක්. ලේ, සටන්, පලිගැනීම් ඔක්කොම පිරිලා තියෙන පැය එකයි විනාඩි 48ක් දුවන ෆිල්ම් එකක්
ඉතින් මේ සුපිරි චිත්‍රපටයට අපේ cinesubz.lk වෙබ් අඩවියෙන් උපසිරැසි එක්කම බලන්න.
චිත්‍රපටය ගැන ඔයාගේ අදහස comment එකකින් කියන්න අමතක කරන්න එපා 👇






