අවසාන ණය ගෙවීම

කොහොමද ඉතින් යාළුවනේ? අද මම ආවේ Action, Crime සහ Thriller කතාවලට ආස කරන අය වෙනුවෙන් 2026 අවුරුද්දේ නිකුත් වුණු සුපිරිම තායි ෆිල්ම් එකකට උපසිරසත් අරගෙනයි.
කතාව ගැන පොඩි හැඳින්වීමක්…
නම් කියන්නේ අතීතයේදී පාතාල ලෝකයේ නමක් දිනාගෙන හිටපු, අතිශය කුරිරු විදියට ණය එකතු කරපු කෙනෙක්. සිදුවූ යම් සිදුවීමක් නිසා අවුරුදු 10ක් හිරගෙදර ගතකරලා එළියට එන ඔහුට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ මොළයේ සුවකළ නොහැකි ලෙඩක් තියෙන බවයි. තමන්ගේ ජීවිතයට තවත් ඉතිරිව තියෙන්නේ ඉතාම කෙටි කාලයක් බව ඔහු තේරුම් ගන්නවා.
තමන් අතීතයේ කරපු පව්වලට වන්දි ගෙවන්නයි ආත්මයට සැනසීමක් ලබාගන්නයි හිතාගෙන, ඔහු නැවතත් අඳුරු පාතාල ලෝකයට පා තබනවා. හැබැයි මෙපාර ඔහු එන්නේ කාගෙන්වත් ණය එකතු කරන්න නෙවෙයි… දරුණු පොලීකාරයන්ගෙන් සහ පාතාලයන්ගෙන් අසරණ වුණු අහිංසක මිනිසුන්ව තමන්ගේ ජීවිතය පරදුවට තබා ආරක්ෂා කරන්නයි!
තමන්ගේ අවසාන හුස්ම ටික පොළොවට පස්වෙන්න කලින්, පාතාලයේ අසාධාරණයට එරෙහිව ඔහු කරන මේ අවසාන සටන ජයගන්න පුළුවන් වෙයිද?
එහෙනම් ෆිල්ම් එක බලලා රසවිඳින්න. තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!🔥

Comments