EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageවිලාසිතා ලෝකයේ තරගය,
මේ ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ පළවෙනි ෆිල්ම් එක ඉවර වෙලා හරියටම අවුරුදු 20කට පස්සෙයි. දැන් කාලේ සඟරා සහ පත්තර (Print Media) වලට තියෙන ඉල්ලුම අඩු වෙලා, ඒ ව්‍යාපාර කඩාගෙන වැටෙන තත්වයකට ඇවිල්ලා.
‘Runway’ සඟරාවේ ප්‍රධානියා විදිහට තාමත් ඉන්නේ සැර පරුෂ ‘මිරැන්ඩා ප්‍රීස්ට්ලි’ (Meryl Streep) වුණත්, සඟරාව මූල්‍යමය අතින් ලොකු අර්බුදයකට මුහුණ දීලයි තියෙන්නේ. සඟරාවයි තමන්ගේ තැනයි බේරගන්න නම්, මිරැන්ඩාට ඉක්මනට ඇඩ්වර්ටයිසින් සල්ලි (Sponsorships) හොයාගන්න වෙනවා. ඒකට එයාට උදව් ඉල්ලන්න වෙන්නේ එයාගේ පරණ ඇසිස්ටන්ට් වුණු ‘එමිලි’ (Emily Blunt) ගෙන්. හැබැයි එමිලි දැන් සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, එයා සුපිරි Luxury Brand Group එකක ඉහළ විධායක නිලධාරිනියක්. ඒ කියන්නේ දැන් බලය සම්පූර්ණයෙන්ම තියෙන්නේ එමිලිගේ අතේ.
මේ අතරේ අනිත් ප්‍රධාන චරිතය වුණු ‘ඇන්ඩි’ (Anne Hathaway) පුවත්පතක රස්සාව කර කර ඉඳලා, ඒකෙන් අස් කරපු නිසා ආයෙත් Runway සඟරාවටම එනවා. පරණ සෙට් එක ආයෙත් එකතු වෙලා අද කාලේ ඩිජිටල් ලෝකෙත් එක්ක හැප්පෙන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ.
• Meryl Streep (මිරැන්ඩා ප්‍රීස්ට්ලි විදිහට)
Meryl Streep (මිරැන්ඩා ප්‍රීස්ට්ලි විදිහට)
• Anne Hathaway (ඇන්ඩි සෑක්ස් විදිහට)
Anne Hathaway (ඇන්ඩි සෑක්ස් විදිහට)
• Emily Blunt (එමිලි චාල්ටන් විදිහට)
Emily Blunt (එමිලි චාල්ටන් විදිහට)
• Stanley Tucci (නයිජල් විදිහට)
Stanley Tucci (නයිජල් විදිහට)
අලුතින් Simone Ashley සහ Kenneth Branagh (මිරැන්ඩාගේ අලුත් මහත්තයා විදිහට) වගේ අයත් මේකට එකතු වෙලා ඉන්නවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ පළවෙනි එක කරපු David Frankel ම තමයි.
• රිලීස් වුණේ: 2026 මැයි 1 වෙනිදා.
රිලීස් වුණේ: 2026 මැයි 1 වෙනිදා.
• ආදායම: මේක බොක්ස් ඔෆිස් (Box Office) එකේ සෑහෙන සාර්ථක වුණා. ලෝකේ පුරාම ඩොලර් මිලියන 678කට වඩා හොයලා තියෙනවා. (මේ අවුරුද්දේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් ලිස්ට් එකෙත් උඩින්ම තියෙනවා).
ආදායම: මේක බොක්ස් ඔෆිස් (Box Office) එකේ සෑහෙන සාර්ථක වුණා. ලෝකේ පුරාම ඩොලර් මිලියන 678කට වඩා හොයලා තියෙනවා. (මේ අවුරුද්දේ වැඩිම ආදායමක් හොයපු ෆිල්ම් ලිස්ට් එකෙත් උඩින්ම තියෙනවා).
• වර්ගීකරණය: Comedy / Drama
වර්ගීකරණය: Comedy / Drama
කෙටියෙන්ම කිව්වොත්, පළවෙනි ෆිල්ම් එකේ තිබුණු විලාසිතා (Fashion) ලෝකයේ තරගය, අද කාලේ ඩිජිටල් වෙනස්වීම් එක්ක කොහොමද වෙන්නේ කියන එක වගේම, පරණ කෙනෙහෙලිකම් වලට එමිලි කොහොමද මිරැන්ඩාගෙන් පළිගන්නේ කියන එක මේකෙන් ලස්සනට බලාගන්න පුළුවන්.











