EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageදොරටු අතර සිරවී
අද මම අරගෙන ආවේ “Survival Thriller” චිත්‍රපට රසිකයන්ට අලුත්ම අත්දැකීමක් විඳගන්න පුළුවන් චිත්‍රපටයක් . ලඟදී නිකුත් වුණු, Lionsgate සමාගමේ නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටය තමයි “The Gates” (2026).
සාමාන්‍ය ගමනක් මාරාන්තික හඹායාමක් බවට පත්වෙන හැටි සහ වැටවල් වලින් වටවුණු සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් ඇතුළේ හැංගිලා තියෙන බියකරු ඇත්ත ගැන මේ කතාවෙන් කියවෙනවා.
මේ චිත්‍රපටයේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන චරිතය තමයි *James Van Der Beek*. මේ වසරේ මුලදී අපෙන් සමුගත් ඔහුගේ අවසාන සිනමා රංගනය දකින්න ලැබෙන්නේ මේ චිත්‍රපටය හරහායි. අමතක නොවන රංගනයකින් ඔහු මේ චිත්‍රපටයට විශාල වටිනාකමක් එකතු කරනවා. ඒ වගේම Mason Gooding, Algee Smith සහ Keith Powers කියන තරුණ නළුවන් තිදෙනාගේ රංගනයත් ඉතාමත් තාත්විකයි.
කතාව කෙටියෙන් මෙහෙමයි..
යාළුවෝ තුන්දෙනෙක් තමන්ගේ ගමන කෙටි කරගන්න හිතාගෙන, පාලනයක් සහිත නිවාස සංකීර්ණයක් හරහා ගමන් කරනවා. ඒත් ඔවුන් නොසිතූ මොහොතක එතැන සිදුවන මිනීමැරුමක් ඇස් පනාපිටම දකිනවා. ඒ මොහොතේ ඉඳන් ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වෙනවා.
එම නිවාස සංකීර්ණයේ පාලකයා වන ඉතා බලසම්පන්න ඒ වගේම දරුණු පුද්ගලයෙක් ඇතුළු පිරිසක් මේ තරුණයන්ව කොටු කරගන්න උත්සාහ කරනවා. පිටතට යන්න බැරි වෙන්න දොරටු වැසී ඇති මේ “වැටවල්” ඇතුළේ, ජාතිවාදී සහ ආගමික අන්තවාදී අදහස් වලින් පිරුණු පිරිසක් මැද ඔවුන්ට තමන්ගේ ජීවිතය බේරගන්න ලොකු සටනක් දෙන්න සිද්ධ වෙනවා.
සමහර තැන්වලදී කතාව ටිකක් කලින් හිතාගන්න පුළුවන් වුණත්, චිත්‍රපටය පුරාම තියෙන කුතුහලය සහ “Tension” එක නිසා මේක එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්. විශේෂයෙන්ම සමාජයේ තියෙන ගැඹුරු තේමාවන් ගැනත් මේ හරහා යම් කතාබහක් ඇති කරනවා.
මේ තරුණයෝ තුන්දෙනාට මේ මාරක උගුලෙන් බේරිලා යන්න පුළුවන් වෙයිද? අන්තිම මොහොත වෙනකම්ම හිතාගන්න බැරි දේවල් දකින්න නම් ඔයාලටත් “The Gates” බලන්නම වෙනවා.







