ලොව දක්ෂතම හොරාගේ අවසන් මෙහෙයුම

විශ්‍රාම ගියාට දක්ෂයෙකුට තමන්ගේ හැකියාවන් හංගගෙන ඉන්න බැහැ. සුප්‍රසිද්ධ නළු John Travolta ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන “The Gentleman Thief” හරහා නැවතත් සිනමා තිරයට එනවා! ඔබ Action, Thriller සහ Heist (මංකොල්ලකෑම්) චිත්‍රපටවලට කැමති කෙනෙක් නම්, මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටයක්.
කතාව මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි මේසන් ගොඩාඩ් (Mason Goddard). එයා දැන් හොරකම් කරන එක නවත්තලා, අපරාධ ලෝකයෙන් අයින් වෙලා නිදහසේ ජීවත් වෙනවා. හැබැයි එයාගේ මල්ලි ඩොලර් මිලියන 100ක මංකොල්ලයකට පැටලිලා කරදරයක වැටෙනවා. මල්ලිව බේරගන්න මේසන්ට ආයෙමත් තමන්ගේ පරණ රස්සාවට බහින්න සිද්ධ වෙනවා.
හැබැයි මේක නිකන්ම බේරගැනීමේ මෙහෙයුමක් වෙන්නේ නැහැ. පරණ හතුරෝ, පාවාදීම් සහ පාතාල කල්ලි එක්ක ඔහුට ලොකු සටනක් කරන්න වෙනවා. තමන්ගේ ජීවිතය බේරගන්න නම් ඔහුට තමන්ගේ ජීවිතයේ අමාරුම ගේම් එක ගහන්නම වෙනවා. මේක ජනප්‍රිය “Cash Out” චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටයයි.
විචාරකයින් පවසන්නේ මෙය Action සහ අපරාධ චිත්‍රපට රසිකයින්ට කිසිම කම්මැලිකමක් නැතුව රසවිඳින්න පුළුවන් නියම Thriller එකක් බවයි.
මේසන්ට තමන්ගේ අවසන් මෙහෙයුම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? 🍿 ඒක දැනගන්න The Gentleman Thief බලන්නම වෙනවා.
🎥 මේ වගේ තවත් අලුත්ම චිත්‍රපට විස්තර දැනගන්න අපේ ෆේස්බුක් පිටුව Follow කරන්න: facebook cinesubz ❤️

Comments