EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Highest Stakes (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Tony Dean Smith
Year:2026
Subtitle By: බ්‍රයන් (Cineru.lk)
Cast
Go Full Cast Pageපෝකර් ගේම් එකකට ආරාධනා ලබන අමුත්තන්
අධ්‍යක්ෂණය – ටෝනි ඩීන් ස්මිත් රචනය – ගැරි ප්‍රයිස්ලර් කතාව – ස්ටීවන් පෝල් නිෂ්පාදනය – ස්ටීවන් පෝල් රංගනය – සෙත් ග්‍රීන්, කෙවින් ඩිලන්, චාලි වෙබර්, ඩිලන් වෝල්ෂ්, එලොයිස් ලවල් ඇන්ඩර්සන්, ක්ලෝයි ෆොක්ස්, ඩෑන් බුකටින්ස්කි සිනමාවල රූපගත කිරීම – ඉවාන් වට්සොව් සංස්කරණය – ෂෝන් ලැන්ග් සංගීතය – ලෝරන්ට් එක්කෙම් නිෂ්පාදන සමාගම – එස්.පී. මාධ්‍ය සමූහය බෙදාහැරීම – රිපබ්ලික් පික්චර්ස් / පැරාමවුන්ට් ගෝලීය අන්තර්ගත බෙදාහැරීම නිකුත් වූ දිනය – 2026 අප්‍රේල් 13 (බෙවර්ලි හිල්ස් චිත්‍රපට උළෙල) / 2026 අප්‍රේල් 14 (ඩිජිටල්) රට – ඇමරිකාව කාලය – මිනිත්තු 101
“ද හයිස්ට් ස්ටේක්ස්” කියන්නේ, ඉහළ මට්ටමේ පෝකර් ගේම් එකකට ආරාධනා ලබන අමුත්තන් පස්දෙනෙකු ගැන කතාවක්.
මුලදී එයාලා හිතන්නේ මේක සාමාන්‍ය ජයග්‍රහණය වෙනුවෙන් කරන ගේම් එකක් කියලා. ඒත් රාත්‍රිය ගෙවෙන්න ගෙවෙන්න, එකිනෙකාගේ අතීත රහස් හෙළි වෙමින්, එයාලට තේරෙන්නේ මේ ගේම් එක මුදල් ගැන නෙවෙයි. මේ ගේම් එකේ පරදින අයට මැරෙන්න වෙනවා, ජයග්‍රහණය කරන එක්කෙනාට ජීවත් වෙන්න ලැබෙනවා.
බොරුව, රහස්, සැකය එක එකට එකතු වෙලා, කතාව අවසානය වෙනකල් රසවත් විදියට යනවා.
විශේෂත්වය
මෙය ත්‍රාසජනක විදියට, එකම ස්ථානයක සිදුවන අභිරහස් ආකාරයේ කතාවක්. පෝකර් මේසයට වටා කැරැක්ටර්ස් එකිනෙකා හෙළි වෙන විදිහට තිර රචනය ගොඩනඟලා තියෙනවා.
හොටෙල් එකේ සෙට් එක, ලයිට්නිං ස්ටයිල් එක, සහ හිස් නගර වාතාවරණයත් ෆිල්ම් එකට අමුතු ෆීල් එකක් දෙනවා.
ප්‍රතිචාර
මෙය සමස්තයක් වශයෙන් සාමාන්‍ය ත්‍රාසජනක ෆිල්ම් එකක් ව්දියට කියන්න පුළුවන්. කතාවේ ට්විස්ට් සහ ක්ලයිමැක්ස් එක ටිකක් හිතාගන්න පුළුවන් ෆීල් එකක් දෙනවා කියලා කිහිප දෙනෙක් කියලා තියෙනවා.
මුල් භාගයේදී ස්ලෝ ෆීල් එකක් තිබුණත්, අවසානයට ආවම තමයි ස්ටෝරි එක කනෙක්ට් වෙලා සුපිරියට යන්න පටන් ගන්නේ.
හොරර් ෆිල්ම් එකක් වගේ මාකටිං තිබුණත්, බය හිතන සීන් නම් අඩුයි. ත්‍රිල්ලර් එකක් විදියට බලන්න හොඳයි.
රිලැක්ස් එකේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්. විශේෂයෙන් අභිරහස් / පෝකර් ස්ටයිල් එකේ ත්‍රාසජනක කතා කැමති අයට බලන්න පුළුවන්.






