Cast
Go Full Cast Pageදියණියෙේ මරණය පිටුපස සිටින සැබෑ වැරදිකරු කවුද?
-සුබ දවසක් වේවා අද මම අරගෙන ආවේ චේතන් ඩීකේ අධ්යක්ෂණය කරපු, ශ්රේයස් තල්පඩේ, කාජල් අගර්වාල් සහ මනීෂ් වධ්වා ඇතුළු සුපිරි නළු නිළි කැලක් රංගනයෙන් දායක වන ඩ්රාමා සහ ත්රිලර් ගණයට අයත් The India Story සිනමාපටය. සත්ය තේමාවක් පාදක කරගෙන නිර්මාණය කර ඇත. චිත්රපටය සඳහා මේ වනවිට මීට 6.2 ක IMDb අගයක්ද හිමිවී තිබෙනවා. මුළු රටක්ම හොල්ලපු, සමාජයේ හැංගිලා තිබුණු අඳුරු පැත්තක් එළියට දාන මේ අපූරු සිනමාපටය හැමෝම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු එකක් බවට කිසිම සැකයක් නැහැ.
කතාව පැත්තට හැරුණොත්, රට වෙනුවෙන් ජීවිතය පරදුවට තියලා සටන් කරපු මේජර් යෝගේෂ් පටෙල්ගේ පුංචි දියණිය වන පාරි අවාසනාවන්ත විදිහට පිළිකා රෝගයකින් මියයනවා. මේ මරණය සාමාන්ය එකක් නෙවෙයි, ඒ පිටුපස විශාල සාහසික ඝාතනයක් තියෙනවා කියලා සැක කරන මේ අසරණ පියා තමන්ගේ දියණිය වෙනුවෙන් යුක්තිය ඉල්ලලා උසාවි යනවා. නීතිඥ අර්චනා හරහා ඔහු මුළු පද්ධතියටම විරුද්ධව නඩු පවරද්දී, එය මුළු රටම කැළඹූ මහා නීතිමය සටනක් බවට පත්වෙනවා. තමන්ගේම දරුවා මරා දැමුවේ කවුද කියලා සොයාගන්න මේ අසරණ දෙමව්පියන් කරන අරගලය සහ එහි සැඟවුණු අභිරහස දැනගන්න නම් ඔබට මේ චිත්රපටය නරඹන්නම වෙනවා.
එසේ නම් cinesubz.lk වෙබ් අඩවියට පිවිසිලා මෙම සිනමාපටයේ සිංහල උපසිරැසි සහිත මේ වීඩියෝව දැන්ම බාගත කරගන්න කියා හැමෝටම ආරාධනා කරනවා.
ජයවේවා!

