අමුතු රාත්‍රී භෝජනය

ඔන්න අද මම අරන් ආවේ 2026 අවුරුද්දේ නිකුත් වුණු, Comedy Drama ෆිල්ම් එකකට සිංහල උපසිරැසියයි!
කතාව පැත්තට ගියොත්, කසාද බැඳලා කාලයක් තිස්සේ සාමාන්‍ය විදියට ජීවත් වෙන ජෝඩුවක්, තමන්ගේ උඩ තට්ටුවේ ඉන්න අසල්වැසි ජෝඩුවට රෑ කෑමකට ආරාධනා කරනවා. හැබැයි මේ අසල්වැසියෝ දෙන්නා ටිකක් වෙනස්, සීමාවන් නැති, ඕනම දෙයක් ඕපන් එකේ කතා කරන සිරාම ආතල් ජෝඩුවක්!
රෑ කෑම මේසයේදී මේ හතරදෙනා අතරේ ඇතිවෙන හිනා යන, ඒ වගේම එකිනෙකාගේ රහස් සහ සම්බන්ධතාවල තියෙන අවුල් එළියට එන අමුතුම විදියේ කතාබහ නිසා මුළු රාත්‍රියම නොසිතූ පැත්තකට කැරකෙනවා.
2020 නිකුත් වුණු The People Upstairs (Sentimental) කියන ස්පාඤ්ඤ ෆිල්ම් එක ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Olivia Wilde විසින්. Seth Rogen, Olivia Wilde, Penélope Cruz සහ Edward Norton වගේ සුපිරි නළු නිළියන් පිරිසකගේ රංගනයෙන් මේක තවත් ලස්සන වෙනවා.
Comedy සහ Relationship Drama එකතු වුණු වෙනස්ම විදියේ ෆිල්ම් බලන්න ආස අයට නම් මරු එක. එහෙනම් තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා! පුළුවන් සිරාම ෆිල්ම් එකක්.එහෙනම් බලලා ආතල් එකක් ගන්න. තවත් සුපිරි උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. හැමෝටම ජය වේවා!

Comments